⚕️🤯🤯⚕️ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට ⚕️🤯🤯⚕️
ඔයාලා දැකලා ඇති කොකා කෝලා නැත්නම් ඕනම කාබනිකෘත බීම එකක් බොන්න කලින් බෝතලේ හොදට හොල්ලලා අපි විවෘත කරොත් ඒකෙ බීම එලියට විසිවෙලා අපිව නාවල එතන වැඩේ වන කරලා තමා නතර වෙන්නෙ...
අද අපි කතා කරමු ඒ ගැන 
මේ සීන් එක මන් මුල ඉදාලා සරලව පියවරෙන් පියවර කියන්නම්. කලබලේට නැතුව හිමීට සාවදානව කියවන්න.
අපි කතාවට බහිමු.
ඇයි බීම විසි උනේ ? දැනටම ඔයාලාගෙන් සමහර දෙනෙක් හේතුවක් හදන් ඉන්නේ. ඒ තමා පීඩනය වැඩි වීම නිසා තමයි මේ බීම එලියට විසිවෙන එක වෙන්නෙ කියන එක. ම්ම්ම්... වැඩේ කියන්නේ ඒක වැරදී 
මේක අපිට විතරක් නෙවෙයි scientist කෙනෙක්ටත් වැරදුනා. එයා ආටිකල් පවා ලිව්වා මේ සීන් එකට....නමුත් ඉතින් හේතුව නම් වැරදී.
දැන් ඇත්තටම මොකද වෙන්නෙ...
ඔයාල දන්නවා මේ කොකා කොලා බෝතලයට පීඩනයකට ලක් කරලා කාබන්ඩයොක්සයිඩ් දිය කරලා තියෙන්නෙ. මේම තියන මේ බෝතලේ පොඩි සිද්දියක් වෙනවා.
ඒ තමා;
මේ බෝතලේ එක කොටසක කොකා කෝලා තියනවා ඊට උඩ කොටසේ වාතය තියනවා. මෙන්න මේ කොටස් දෙක පවතින්නේ පීඩන සමතුලිත තාවයක. මේ සමතුලිත පීඩන 4atm වෙනවා. ඒ කියන්නේ අපේ වායුගෝලයේ පීඩනය (1 atm) වගේ හතර ගුනයක් කියන එක. මේ සමතුලිතතාවය වෙනස් වෙන්නෙ
(1) උෂ්ණත්වය වෙනස් කිරීම මගින්
(2) ඉහල වාත කොටසේ පීඩන වෙනස් කිරීම මගින්
දැන් අපි පන දාගෙන බෝතෙලේ හෙල්ලුව කියලා ඔය දෙකෙන් එකක්වත් වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා පීඩනයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ.
දැන් ඔයාලා බෝතලේ හොල්ලනේ නැතුව බබා වගේ ඕකේ පියන ඇරියම ස්ස්ස්..... ගලා සද්දයක් එනවා. ඒ මොකද ඒ ?????
අපි කලින් කිව්වනේ පීඩන සමතුලිතතාවයක තියෙන්නෙ කියලා.
දැන් බෝතලේ විවෘත කරාම වෙන්නෙ බෝතලේ ඇතුලේ අර උඩ කොටසේ වාතය 4atm එලියේ 1atm.
අන්න ඒක නිසා වැඩි පීඩනයේ ඉදන් අඩු පීඩනයට වාතය ගමන් කරන්න පටන් ගන්නවා. අන්න එතකොට එනවා ස්ස්ස්....... කියලා සද්දෙ අපි පියන විවෘත කරනකොට 
සරල උදාහරණයක් දෙන්නම්කො මන්;
බස් එකේ පිටිපස්සෙන් සීට් ලග හිටගෙන කොල්ලො සෙට් එක කයිය ගගහා එනවා.. ඔන්න එක පාරම කොන්දොස්තර අයියා ඇවිත් කෑගහනවා..ආ... මල්ලිලා ඉස්සරහට යන්න ඉස්සරහ ඉඩ තියනවා... කෝ ඔය මල්ලි මැදින් යන්න කෝ ඉස්සරහට කියලා 
අන්න ඒක තමා අතන තිබ්බ කාබන්ඩයොක්සයිඩ් ටිකට වෙන්නෙ. වැඩි තැන ඉදන් අඩු තැනට යනවා.
දැන් ඒ වාත කොටස ගියාම වැඩේ ඉවරයිද.
නෑනේ බොලේ දැන් අර කොකාකෝලා එකේ දියවුනු කාබන්ඩයොක්සයිඩ් ටික තියෙන්නෙ ඒ ටිකකත් එලියට එන්න එපැයි. මොකද මේ කාබන්ඩයොක්සයිඩ් සමතුලිතව කලින් තිබ්බෙ 4atm පීඩනයක් යටතේ දැන් තියෙන්නෙ 1atm පිඩනයක් යටතේ. ඒ නිසා සමතුලිතාවය ඇති කරගන්න ඕන නිසා දැන් ඔන්න ඒවත් එලියට එනවා.
ඒක අපිට හොදට බලන්න පුලුවන් හොද කොකාකෝලා ග්ලාස් එකක් වක් කරාම මුදුනේ කොකා කෝලා බුබුළු සාදනවා. ඒ බුබුළු සාදන්නේ කාබන්ඩයොක්සයිඩ් වලට එලියට එන්න ඕන නිසා.
ඒ වගේම මේ කාබන්ඩයොක්සයිඩ් එලියට එන සීන් එක නිසා තමයි බීම එකේ සැරගතියක් නැත්නම් fizzy ගතියක් තියෙන්නෙ. මේ එලියට එන කාබන්ඩයොක්සයිඩ් අපේ දිවේ ස්පර්ශ වෙලා එන taste එක තමා අර fizzy ගතිය.
ඒ වගේම අපි අමතක වෙලා මූඩිය විවෘත කරලා සෑහෙන වෙලාවක් ඉදලා බීම එක බිව්වාම මහ දියාරු රහයි
කිසිම fizzy ගතියක් නෑ. ඒ මොකද අපි මූඩිය ඉවත් කරලා නිසා කාබන්ඩයොක්සයිඩ් ඔක්කොම ගිහින් දැන් තියෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් බොහොම ටිකයි. ඒක නිසා අර සැර ගතිය එන්නෙ නෑ.
කෝමද කාබන්ඩයොක්සයිඩ් වල කෙරුවාව 
දැන් ඔයාල බලනවා ඇති මේ යකා අර බීම විදින එක ගැන කියන්නේ නැද්ද කියලා. ඔන්න එහෙනම් ඒකට උත්තරය.
මේ බීම විදින එක වෙන්නෙ අපි විසින් nucleation sites නිර්මානය කරන එක. මේ නියුක්ලියේශන් සයිට් එකක් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි කුඩා වායු බුබුලක් කියන එක 
අපි පනදාලා බෝතලේ හොල්ලනකොට වෙන්නෙ බෝතලේ කොකාකෝලා වලට කුඩා වායු බුබුළු ඇතුල් වෙනවා. මේක නිකන් වතුර බෝතකයක් හෙලෙව්වත් වෙන දෙයක්. මෙන්න මේ වායු බුබුළු තමා මේ nucleation sites විදිහට ක්රියා කරන්න. මේ සමහරක් වායු බුබුළු ප්ලාස්ටික් බෝතලයේ බිත්තියේ තියනවා ඔයාලටම බලාගන්න පුලුවන් 
දැන් මෙහෙම nucleation sites හැදුන බෝතලේ විවෘත කරාම දේවල් දෙකක් වෙනවා ;
(1) පීඩන වෙනස නිසා මේ වායු බුබුළු ප්රසාරණය/ලොකු වෙනවා. සහ මේ වායු බුබුළු වායුගෝලයට එකතු වෙන්න ඕන නිසා ඉහලට ගමන් කරනවා ඊට ඉහලින් තියන බීම ටිකත් තල්ලු කරන්.
(2) මේ වායු බුබුළු nucleation sitea විදිහට ක්රියා කරලා කොකා කෝලා වල දියවුන කාබන්ඩයොක්සයිඩ් වේගවත් ලෙස වායු ගෝලයට මුදාහරිනවා.
මේ දෙකම නිසා මේ කොකාකොලා බීම එක අර විදිහට අපිවත් නාවගෙනම එලියට විසිවෙන්නෙ නැත්නම් erupte වෙන්නෙ 
දැන් කෙනෙක් අහන්න පුලුවන්; දැන් බන් මෙන්ටොස් දාල ඕක වෙන්නෙ. අපි බෝතලේ හොල්ලන්නේ නෑනේ කියලා 


ඒකට හේතුව තමා මෙන්ටොස් එකේ පෘශ්ටයේ ස්වභාවය. මේ පෘශ්ටයෙ අමුතු රලු බව හේතු වෙනවා nucleation sites නිර්මානය වෙන්න. එන්න ඒ නිසා තමා මෙන්ටොස් දැම්මාම අර විදිහට කොකාකෝලා වතුර මලක වගේ විදින්නේ 

දැන් මන් දෙන්න යන්නේ කස්ටියට ස්වර්ණමය tip එකක් 
දැන් කෝමද මේ මල වදෙන් බේරෙන්න. හොල්ලපු බීම එකක් නාගන්නේ නැතුව කොහොමද විවෘත කරන්නේ 
පොඩි දෙයයි කරන්න ඕන. ගන්න බෝතලේ අතට අරගෙන බෝතලේ බදට ඇගිල්ලෙන් තට්ටු දාන්න. ඔයාලගේ භාශාවෙන් නම් පොඩි flicks කිහිපයක් දෙන්න. එතකොට වෙන්නෙ අර බෝතලේ හැදුන කුඩා වායු බුබුළු නැති වෙන එක. වායු බුබුළු නෑ ඒ කියන්න nucleation sites නෑ ඒවා නෑ කියන්නෙ බීම විසිවෙන්නෙ නෑ. ඒ නිසා කරදරයක් නැතුව බබා වගේ බෝතලේ විවෘත කරන්න පුලුවන් 

අම්මේ.... 
ඕක තමා කොකාකෝලා බෝතලේ කතාව බෝහොම කෙටියෙන්. මන් හිතනවා අද නම් සෑහෙන්න ජොලිබර කරුනු සෙට් එකක්ම ඉගෙනගන්න ඇති කියලා ක්ස්ටියම

මේ වගේ බෝතල් විවෘත කරන්න ගිහින් උන රසබර සිද්දි තියනව නම් ඒවා කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අමතක කරන්න එපා 

ඒ වගේම මේ පෝස්ට් එක ගැන අදහසක් අනිවා දාන්න හොදේ 
එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු 
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න......
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment