Skip to main content

ෆෝටෝනය සහ පෘථිවිය

 🌍🌞 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට 🌞🌍

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මොකක්ද මේකේ තේරුම ?

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-
ෆෝටෝනයකට සූර්යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි.
අද කතාව මේ හුටපටය ගැන 🤭

මම මේක full විද්යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු...

🌍 Intro

°°°°°°°°°°°°
අපි හැමෝම දන්නවා සූර්යා ගේ හරයේ න්යශ්ටියක් විලයන ප්රතික්රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා.

ඒ කියන්නේ hydrogen න්යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න්යශ්ටියක් හදනවා. මෙතන ප්රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා
ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා.

මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශක්ති පැකට් නැත්නම් ෆෝටෝන ( Photons ) කියලා.

මේ ඇති වෙන ෆෝටෝන විශාල ශක්තියක් තිබෙන විද්යුත් චුම්බක විකිරණය. මේවගේ තරංග ආයාමය ගොඩක් අඩුයි සහ සංඛ්යාතය ගොඩක් වැඩී. ඒ නිසා සූර්යා ගේ හරයේ හැදෙන්නෙ ගැමා කිරන කියන විද්යුත් චුම්බක විකිරණ. මේවගේ ෆෝටෝනයක ආරම්භක වේගය තත්පරයට 300000Km වෙනවා.

දැන් ඔයාලා බලනවා ඇති මෙච්චර වේගෙන් යන එක ස්ලෝ උනේ කොහොමද කියලා.

🌍 Slow උනේ ඇයි ?

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
හේතුව මෙන්න මේකයි.

ෆෝටෝනයක් සෑදුන ගමන් මේකට එක පාරටම සූර්යා මතුපිටට යන්න බෑ. මොකද ෆෝටෝනය නිදහස් උනාට එය අවට තියෙන පදාර්ථ වල නැත්නම් ප්රෝටෝන වල ගැටෙනවා.

හරියට pinball machine එකක් වගේ. ෆෝටෝනය නිදහස් උනාට ඒක වට තියන ප්රෝටෝන වල ගැටිලා එහෙට විසි වෙනවා මෙහෙට විසිවෙනවා 🤭
පාඩුවේ සූර්යා ගේ මතුපිටට යන්න බෑ. එහෙ මෙහෙ වැදි වැදී තියනවා. හරියටම pinball machine එකක් වගේම තමා.

මේ ෆෝටෝනය එහෙට මෙහෙට වැදි වැදී තියනවා. මෙහෙම අහබු විදිහට එහෙට මෙහෙට වැදි වැදී සූර්යා ගේ මතුපිටට ෆෝටෝනයකය ලගා වෙන්න අවුරුදු 17000 පමන ගත වෙනවා.

මේ අහබු චලිතය හදුන්වනවා random walk problem කියලා.

🌍සවිස්තරාත්මකව කිව්වොත්.....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අපේ පෘථිවිය කොටස් වලට බෙදලා තියනව නේ හරය , මැන්ටලය , Crust/පොලව කියලා මේ වගේම සූර්යා කොටස් තුනකට බෙදනවා.
ඒ තමයි...

1. Core/හරය
2. Radioactive Zone
3. Convective zone කියලා....

අපි හැමෝම දන්නවා හරයේ තමා මේ න්යෂ්ටික වියලන ප්රතික්රියාව වෙන්නෙ කියලා. මෙතනින් ෆෝටෝනයක් නිදහස් වෙලා යනවා radioactive zone එකට.

Radioactive Zone එක කියන්නෙ මේ හරය අවට තියන ප්රදේශය. නමෙන්ම තේරෙනවා මේක විකිරණශීලි කලාපයක් කියලා. මේ කලාපයේ තිබෙන වායු දැඩි පීඩනය ලක් වෙලා දැඩි උෂ්නත්වයකට කෙල්විල් මිලියන ගානකට උෂ්නත්වයක් තිබෙනවා. එතකොට වායු පදාර්ථයේ විශේෂ අවස්තාවක් වෙන " plasma " බවට පත් වෙනවා. මේ අවස්තාවෙදි න්යශ්ටියකින් ඉලෙක්ට්රොන ඉවත්වීම වෙලා. ඉලෙක්ට්රොන නොමැති න්යශ්ටියක් පමනක් ඉතිරි වෙනවා.

මේ ප්ලස්මා යම් ආරෝපණය දරන අංශු. මේ වගේ අංශු කලාපයක් ඔස්සේ තමා අර හරයේ සෑදෙන ෆෝටෝන යන්න ඕන. නමුත් ෆෝටෝන වලට එහෙම ලේසියෙන් යන්න බෑ මේ ආරෝපිත ප්ලස්මා අංශු හරහා.
මෙතනදි ප්ලස්මා කරන්නෙ එක් ෆෝටෝනයක් අල්ලගන්නවා එහි දිශාව වෙනස් කරලා එහ් අතහැරලා දනවා. මේ වගේ අවුරුදු ගානක් ඔය දේ වෙනවා. මේ කලාපය හරහා ගමන් ගන්න එක් ෆෝටෝනයට අවුරුදු දහස් ගානක් යනවා.

මෙන්නමේ අහබු චලිතය තමා random walk problem කියලා හැදින්වුවේ.

මේ කලාපයෙන් නිදහස් වෙලා convective zone එකෙන් ෆෝටෝනයකට යන්න විශාල කාලයක් යන්නෙ නෑ.

මෙන්න මේ කලාප ඔස්සේ ෆෝටෝන මතුපිටට එන්න අවුලක් ලක්ශයක් පමන ගතවෙනවා.

සූර්යාගෙ මතුපිටට ආවම කතාකරන්න දෙයක් නෑනේ භාදා නෑ රික්තය ඔස්සේ අලෝකයේ වේගයෙන් ෆෝටෝන ගමන් කරනවා 😁

🌍 ෆෝටෝනයට මගදි වෙනදේ...

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මුලින්ම ඇති වෙන්නෙ අධි ශක්ති ෆෝටෝන නැත්නම් ගැමා කිරන. නමුත් මේවා මගදි pinball machine එකට අහු වෙනවා නේ 🤭 පදාර්ථ නැත්නම් ප්රෝටෝන වල වැදිලා ශක්තිය අඩු වෙලා මෙයාලගේ තරංග ආයාමය වැඩි වෙලා සංඛ්යාත අඩු වෙලා ශක්තියෙන් අඩු විද්යුත් චුම්බක විකිරණ බවට පත් වෙනවා.

අන්න ඒ නිසා තමා මුලින් ඇති උන ගැමා සූර්යා ගේ මතුපිටට එනකොට X කිරන , පාරජම්බුල කිරන සහ දෘශ්ය ආලෝකය කියන විකිරණ වලට පත් වෙන්නෙ.

එක අතකින් වෙලාවට එහෙම උනේ ගැමා කිරණ කෙලින්ම ලැබුනොත් පෘථිවියේ ජීවයක් නැතිවෙන්නත් පුලුවන් 😮

🌍 විද්යාත්ඥයෝ කොහොමද මේ දේවල් මැන්නෙ 🤔

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේවා ඉතින් ඉර ලගට ගිහින් මනින්න පුලුවන් ඒවා නෙවෙයි. Random walk problem එකට තිබෙනවා ගනිතමය සමීකරනයක්. එය සහ සූර්යා ගේ අභයන්තරයේ ස්වරූපය පරිගනක භාවිත කරලා simulation එකක් හදලා තමයි මේ අගයන් විද්යාත්ඥයෝ ලබාගන්නෙ.

ඒ අයගේ ගනනය කිරීම් අනුව සූර්යාගෙ අභයන්තරයේ ඇතිවෙන ෆෝටෝනයක් එහි මතුපිට පෘශ්ටය ලගා වෙන්න අවුරුදු 170,00 ගත වෙනවා. කෝමද වැඩේ...

Interesting ම දේ.....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ කියන විදිහට අපිට මේ දැන් ලැබෙන සූර්යා කිරන නැත්නම් ෆෝටෝන හරයේ ඇති උනේ මිනිස්සු මුලින්ම ඇදුම් අදින්න පටන්ගත්ත කාලේ හරියටම අවුරුදු 170,000ට පෙර.

😮🤭🌍😮🤭🌍

ඔන්න ඕක තමා අද කතාව. මම හිතනවා හැමෝම අලුත් දෙයක් දැනගන්න ඇති කියලා. ඒ වගේම කිව්ව දේවල් මීටරේට වැටුනා කියලා මම හිතනවා.
කට්ටිය මොකක්ද හිතන්නෙ මේ ගැන අනිවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ පෝස්ට් එක ගැනත් පොඩි කමෙන්ට් එකක් දාන්න හොදේ 🤭

එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු 🤗

වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න......🤗


https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official 

Comments

Popular posts from this blog

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...