🔨 🔨මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට🔨🔨
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මිටිය බැලන්ස් කරමු
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු.
🔨 අවශ්ය ද්‍රව්‍ය
==============1. මිටියක්
2. නූල් කැබැල්ලක්
3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ )
4. Tape
🔨 පියවර..
===========1️⃣
අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද්රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද්රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක්රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන්ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද්රය තිබෙන තැන.
මිටියේ ගුරුත්ව කේන්ද්රය තියෙන්නෙ හරි මැදද ?
නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද්රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද්ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින් ඇගිල්ල උඩ තියන් ශේප් එකේ මිටිය බැලන්ස් කරගන්න. කකුලට වට්ට ගන්න එපා දල වශයෙන් දැනගත්තම ඇති.
ඕක ලේසියෙන් පුලුවන් ඇගිලි දෙක මිටියේ දෙකල වරින් තියන්. ඇගිලි දෙපැත්තෙ ඉදන් එක ලගට ගේන්න ඇගිලි හමුවෙන තැන තමා ගුරුත්වය කේන්ද්රය. මිටියේ ඔය සෙල්ලම් දාන්නෙ බලාගෙන කකුකට වට්ටගන්න නම් එපා දෙයියෝ 🙁
මේක ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් පොඩි trick එකක්.
2️⃣
ඊට පස්සේ ගන්න අර නූල් කෑල්ල. එකෙන් පොඩි රවුමක් හදාගන්න විශ්කම්භය 4cm වගේ. හරියටම ඒ ගාන වෙන්න ඕන නෑ. මිටිය සහ අඩි රූල එකට සෙට් කරගන්න පුලුවන් තරම් විශ්කම්භයක් තිබ්බාම ඇති. සාමාන්ය 3cm වලට වැඩි උනාම ඇති.
මේ රවුම හදාගන්න ලේසිනෙ කියලා රබර් බෑන්ඩ් ගන්න එපා. ඒක පොඩ්ඩක් stable මදි ඇදෙන නිසා. මිටිය කකුලට වැටෙයි බැලනස් කරන්න ගිහින්. මම ඔය wire bind කරන්න තියන ප්ලාස්ටික් කෑල්ලක් ගත්තේ 😁🤭
3️⃣
දැන් ඔය නූල නැත්නම් රවුම ඇතුලෙන් මිටිය දාලා මිටියේ ගුරුත්වය කේන්ද්රය ආසන්නයේ නූල තියලා ගහන්න පොඩි සෙලෝටේප් පාරක් ගහන්න, ඒකෙන් වෙන්නෙ නූල් කැබැල්ලක් නැත්නම් අපි හදාගත්ත රවුම් එහෙ මෙහෙ නොයන විදිහට රදවා ගන්න පුලුවන් වෙන එක.
4️⃣ දැන් අඩි රූල තියන්න මේසෙන්. මුලින්ම තියන්න කොට අගින්ම තියන්න එපා සාමාන්ය අගලක් දෙකක් මේසය මත තිබෙන විදිහට අනෙක් කොටස එලියට තිබෙන විදිහට තබාගෙන ඇගිල්ලෙන් තද කරන් ඉන්න මේසය තිබෙන කොටසින්.
5️⃣ දැන් මිටිය ගන්න මිටියේ නූල අස්සෙන් අඩිරූල යවන්න. මිටියේ මිට කොටස නැත්නම් අතින් අල්ලන ලී කොටස ගෑවෙන්න ඕන අඩිරූලේ.
7️⃣ දැන් ඔයා අඩිරූල පොඩ්ඩක් ලිහිල් කරොත් මේක ඇදවැටෙන්න බලනවා එක පැත්තකට. අපි හිතමු පද්දතිය වැටෙන්නෙ දකුනු පැත්තට කියලා.
එතකොට අපි කරන්න ඕන අඩිරූල දිගේ වම් පැත්තට මිටිය සමග නූල් කොටස අරන් යන එක. බොහොදුරට මිටිය මේසය ආසන්නයටම ගේනන වෙනවා මේක බැලනස් කරන්න. ඒ කියන්නෙ පද්දතිය බැලන්ස් නැත්නම් අපි අඩිරූල දෙසට මිටිය ගේන්න ඕන.
8️⃣ මේ විදිහට අඩි රූල ලිහිල් කර කර අඩි රූල පැත්තට මිටිය ගේන්න. යම් වෙලාවක අපි අඩිරූල ලිහිල් කරත් මිටිය වැටෙන්නෙ නෑ පද්දතිය සමතුලිතයි. දැන් මිටියේ 0vm කොටස මේසෙට එනකන් ශේප් එකේ දෙපැත්තෙන්ම බැලස් කරන්න. මේ වෙලාවට පද්දතිය ගොඩක් stable ඒක නිසා බැලන්ස් කරන්න ලේසී.....
පද්දතිය බැලන්ස් නම් මිටිය සහ අඩිරූල අතර තියෙන්න ඕන සුලු කෝනයක්. ඒ කියන්නෙ අංශක අනූවට වඩා අඩු කෝනයක් හොදේ..
යුරේකා pren ❤
🔨😁🔨😁🔨😁
ඔන්න හරි දැන් ඔයා පද්දතිය සමතුලිතතාවයට ගෙනල්ලා තියෙන්නෙ වැඩේ ගොඩ.
දැන් මගේ කලින් එක දැක්ක කෙනෙක් කියන්න පුලුවන් පොඩි මිටියක් නේ balance කරේ කියලා. මේමයි කේස් එක...
1. බැලන්ස් කරන්න ගිහින් මිටිය කකුලට වැටෙයි ඒ නිසා සාමාන්ය එකක් භාවිත කරන්න. නෝමල් පොඩි එකක්.
2. ගෙදර කස්ටියට පේන්න ලොක්කා වගේ මේක සාලේ මැද බැලන්ස් කරන්න ගිහින් අම්මගෙන් කොසු පාරක් කන්න වෙන්නෙ. ගෙදර ටයිල් අල්ලලා නම් රෑට කෑම ලැබෙන එකකුත් නෑ.
( මාත් ලොකු මිටිය සාලේ වට්ටලා අම්මගෙන් බැනුම් අහලා මේ ඉන්නෙ 🙁 )
ඔය අවුල් නැත්නම් ලොකු මිටිය පාවිච්චි කරන්න අවුලක් නෑ ❤🤭
Physics 🔨❤
=============මෙතන වෙනදේ මම මහා බර වචන දාන්නෙ නැතුව කියන්නම්. අපි වස්තු කිහිපයක් හදලා අලුත් වස්තු පද්දතියක් හැදුවා. දැන් ඒ වස්තු පද්දතිය බැලස් කරන්න නම් අලුත් පද්දතියේ ගුරුත්ව කේන්ද්රය හොයාගන්න ඕන. අන්න ඒම තමා අපි මේ කරේ.
පද්දතියේ මුලු බර ක්රියාකරන ලක්ශය සොයාගැනීම තමා කරේ.
ඇත්තටම කිව්වොත් මේ මිටිය කේස් එකේදි අපි දන්නවා ගුරුත්ව කේන්ද්රය තිබෙන තැන ඒ තමා අර අඩිරූල මේසෙට සම්බන්ධ වෙලා තිබෙන ලක්ශය. ඒ ඔස්සේ බර ක්රියා කරන්න මිටියේ බර අඩි රූල උඩ බැලනස් කරපු එක තමා අපි කරේ. මේ බර බැලන්ස් කරන එක පොඩ්ඩක් බර වචන දාලා කිව්වොත් ඝූර්ණය බල ශුනය කරනවා කියකා කියන්නෙ. වාමාවර්ත ඝූර්ණයන් දක්ශිනාවර්ත ඝූර්ණයන්ට සමාන කරා මිටිය අඩිරූල ඔස්සේ එහෙ මෙහෙ යවලා.
තරාදියක් බැලන්ස් කරා වගේ ❤
මේ සරල භෞතික සිද්ධාන්තය භාවිත කරලා සෙල්ලම් බඩු පවා හදලා තියනවා. ඒ වගේම සර්කස් වල අය ලනුවක් උඩ යනකොට දිග පොල්ලක් අරන් යන්නෙත් ගුරුත්වය කේන්ද්රය වෙනස් නොවී හරි මැදින් තියාගන්න.
වැඩිය ඕන නෑ ලයිට් වයර් උඩ ලේනා යනකොට නැට්ට එහෙට මෙහෙට දදා යන්නෙ ගුරුත්ව කේන්ද්රය ගානට පවත්වා ගන්න. නැත්නම් බැලස් එක තියාගන්න.
මෙච්චර වෙලා අපි කරෙත් ඒක ගුරුත්වය කේන්ද්රය හෙව්වා ❤ ලෝකේ ඕනම වස්තුවක තිබෙනවා ගුරුත්ව කේන්ද්රයක්. වස්තුව ක්රමවත් වේවා අක්රමවත් වේවා අපිට ගුරුත්ව කේන්ද්රය හොයාගත්තොත් බැලන්ස් කරන්න පුලුවන් ❤
🤷🔨
=====
අහ්..... තව දෙයක් කියන්න ඕන...
සමහර ඩයල් දාන්නෙ මොකක්ද ඕක කරන්න බෑ බොරු වැඩක් ගගා කමෙන්ට් සෙක්ශන් එකේ මැරෙන්න හදනවා. ප්ලීස් එහෙම කෙනෙක් නම් ඕක කරලම බලලා කමෙන්ට් එකක් දාන්න. මේක ඇස් දෙකට පේන භෞතික විද්යාත්මක දෙයක්. ප්ලීස් නිකාන්ම බනින්න එපා කරලා බලලම බනින්න.
සමාවෙන්න ඕන..... 🙁🙄🙁
මේක ටිකක් වචන වලින් කියන්න අමාරු තැන් සහ පියවර තියනවා. සමාවෙන්න ඕන ඒකට විඩියෝ එකක් තමා හොදම විදිහ ඒ උනාට මම හිතනවා කස්ටියට මීටරේට වැටෙන්න ඇති කියලා. ඔයාලා වැඩේට බැස්සම මේක කරගන්න හැටි නිකන්ම මීටර් වෙයි හොදේ 🙁❤
🔨🤭🔨🤭🔨🤭
ඒනම් කස්ටිය අද ජොලිබර දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. අනිවා මේක කරලා බලන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ඔයලා බැලන්ස් කරානම් photo එකක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා 🤭❤
එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු 🤗
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න......🤗
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment