මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට
මරණීය ජලාශය
ඔයලා අහලා ඇති ග්රීක මිත්යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ.
ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා 
ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට්රොන් ජලාශය
( Netron Lake 1 රූපය බලන්න)
මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප්රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ;
මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ.
මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්.
හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක්රියාකාරී ගිනිකන්දක්.
එකේ නම තමා " ඔල් ඩොනියො ලෙන්ගායි " මේ ගිනිකන්දේ ලාවා හරි විශේෂයි. ඒකට හේතුව තමා මේ ලවා හරි දුර්ලබ ලාවා වර්ගයක්.
මේ ලාවා වල සෝඩියම් කාබනේට සහ පොටෑසියම් කාබනේට බහුලව තියනවා. මේ සෝඩියම් සහ පොටැසියම් කාබනේට් වල මික්ස් එකට අපි කියනවා නේට්රෝ කාබනටයිට් නැත්නම් කෙටියෙන් කිව්වොත් නේට්රෝන් කියලා.
දැන් ඔයාලට හිතාගන්න පුලුවන් නේ ජලාශයට නම හැදුන හැටි 
මේ ලාවා කෙලින්ම එකතු වෙන්නෙ මේ ජලාශයට. ඒක නිසා තමා මේ ජලාශයෙ ජලය පට්ටම භාශ්මික. කොච්චර භාශ්මිකද කියනව නම් අපේ ජලය වගේ 1000 ගුනයකින් භාශ්මිකයි. අගයක් විදිහට කිව්වොත් 10.5 Ph වෙනවා. මේ ලගම තියන ගිනිකන්ද නිසා මේ ජලාශයේ ජලය සෑහෙන්න රස්නෙයි. සාමාන්යයෙන් සෙල්සියස් 60 වගේ වෙනවා.
ඒ වගේම මේ ලවන සහ භශ්ම වල එකතුව නිසා ඇතිවෙන රසායනික ප්රතික්රියාව මේ ජලයට වැටෙන ඕනම ජීවියෙක් පිලිමයක් වෙලා නවතින්නේ. තනිකරම මමියක් වෙනවා.
ඊජිප්තු කාලයෙත් මමීකරනය සදහා යොදාගත් ප්රදාන දෙයක් තමා මේ සෝඩියම් කාබනේට කියන්නේ 

මේ සතුන් ගල් වෙන සිද්දිය මුලින්ම ලෝකෙට වාර්තා කරන්නේ 2013 දී නික් බ්රෑන්ට් කියන වනජීවි චායාරූප ශිල්පියා. එයා මේ නේට්රොන් ජලාශයේ photos ගන්න ආපු වෙලාවක තමා මෙයා ගල් පිලිම උන විවිද සතුන් දැකලා තිබුනේ. එයා උකුස්සො ; කටුස්සො ; වවුලන් මේ වගේ ගොඩක් අයගේ චායාරූප අරන් තිබුනා.
( 2 ; 3 ; 4 ; 5 ; 6 රූප හොදින් බලන්න )
දැන් මේ භයානක ජලාශයේ මොන සතෙක්වත් නැද්ද එතකොට 

( 7 රූපය )
මෙච්චර භයානක ජලයේ මෙයාලා කොහොමද ඉන්නෙ 

ඒකට හේතුව තමා මෙයාලගේ කකුල් බොහොම ඝන පිලිස්සීම වලට ඔරොත්තු දෙන කොරල වලින් ආවරණය වෙලා තමයි තියෙන්නෙ.
ඒ වගේම මෙයාලගේ අමාශය මේ විෂ සහිත ජලයට හොදින් ඔරොත්තු දෙනවා. මේ රණ හංසනයන්ට බොන්න මිරිදිය ජලය මේ ජලාශය ආශ්රිතව තියෙනවා. ඒවගේ වතුර නැතත් මෙයාලට මේ අධික ලවනණතාවයක් සහිත ජලය එයාලගෙ විශේෂ ග්රන්ථි මගින් පෙරලා ශෝක් එකට බොන්න පුලුවන්. කෝමද පට්ට filter එකනේ 
මෙයාලගේ මේ විශ්මිත හැඩගැසීම් නිසා මෙයාලට අනෙක් කුරුල්ලන් එක්ක තරගයක් නෑ. ඒ නිසා රණහංසයින් මේ පරිසරය එයාලගේ අභිජනන භූමියක් විදිහට පවත්වන් යනවා.
මෙයාලා මේ පට්ට භාශ්මික ජලයේ ඉන්නෙ මෙයාලගේ තියෙන විශේෂ එන්සයිමයක් නිසා. ඒකෙන් එයාලට මේ ජලාශයේ විෂට හොදින් ඔරොත්තු දෙන්න පුලුවන්.
ඒ වගේම මේ ඇල්කොලැපියා මාලු විශේෂ තමා රණහංසයන්ගේ ප්රියතම ආහාරය වෙන්නෙත් 


දැන් කස්ටියට හිතෙන්න පුලුවන් අපිට මේකට යන්න බැරිද පොඩ්ඩක් නාන්න කියන එක. ඇත්තටම බෑ මේ අධික ලවනණතාවය සහ අධික භාශ්මික බව නිසා අපි නාන්න ගියොත් ඒක සෑහෙන්න වේදනාකාරී අත්දැකීමක් වේවි. අපි සැලකියයුතු කාලයක් වතුරේ හිටියොත් අපේ පිලිමයක් තමා ගෙදර ගේන්න වෙන්නෙ 
ඔන්න ඕක තමා මෙඩූසා ජලාශයේ විස්තර කෙටියෙන්. මන් හිතනවා ඔයාලා අලුත් දෙයක් දැනගන්න ඇති කියලා.
ඔයාලට නුහුරු නිසා බෝරින් උනාද දන්නේ නෑ. මේ පෝස්ට් එක ගැන අදහසක් අනිවා කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න 
එහෙනම් හෙට තව පෝස්ට් එකකින් සෙට් වෙමු 
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න......
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official







Comments
Post a Comment