Skip to main content

අද අපි කතාකරමු මත් වීම ගැන (drunkenness)

 ⛔🍺🥂  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්... සමහර අයට 🥂🍺⛔

ගොඩක් අය මගෙන් අහපු නිසා අද අපි කතාකරමු මත් වීම ගැන (drunkenness)😵

මොකක්ද මේ මත් වීම කියන්නේ? ඇයි මත් උනාම අපිට කෙලින් ඉන්න බැරි ? 

ඇයි මත් උනාම අපිට ජොලියක් එන්නේ ? ඇයි මත් උනාම කට්ටිය වලි දාගන්නේ? Hangover කියන්නේ මොකක්ද ?

තව තියනවා ඒ තරම් සෑහෙන්න ප්‍රශ්න 😂  මන් මේ ඔක්කොටම අද උත්තර දෙන්නම්....

මේකේ නම් පොඩි පොඩි ජීව විද්‍යා වචන තියනවා මන් ඒක නිසා මේක සරලව පැහැදිලි කරන්නම්... 🧐

අද පිලිතුර නම් දිගයි ඒත් මේකේ කරුනු හෙන ජොලි බරයි ඒක නිසා කියවන්න😁 

හොදයි අපි කතාවට බහිමු...😁

අපිට මේ ඔක්කොටම උත්තර අපි බොන මත්ද්‍රව්‍ය ගමන් කරන මාර්ගය ඔස්සේ ගියාම දැන ගන්න පුලුවන් එහෙනම් අපි එයාව follow කරමු....

අපි එයාගේ පසෙන් යන්න කිලින් මේ මත්ද්‍රව්‍ය ගැන පොඩි අදහසක් ගමු... අපි ගන්න ඕනම alcohol එකක ක්‍රියාකාරී අමුද්‍රව්‍ය ( active ingredient) තමා අපි හැමෝම දන්න ethanol. මේක කාබන් පරමානු දෙකක්   සහිත අණුවක්. මේ අනුව ඉතා පොඩි නිසා මේකට පුලුවන් අපේ පටක ඔස්සේ කිසි කරදරයක් නැතුව ඉක්මනට ගමන් කරන්න.....ඔන්න හරි අපි එයාව අදුන ගත්තා දැන් අපි follow කරමු.

අපි alcohol  අපේ මුඛයට ඇතුල් කරගත්තාම  alcohol අපේ අන්නස්‍රෝතය  ඔස්සේ අමාශයට තමා ඇතුල්වෙන්නේ ඔන්න ඔතන ඉදන් තමා ethanol  වැඩ පටන් ගන්නේ.... 😁

අපි ඇතුල් කර ගත්ත ඇල්කොහොල් වලින් 20% තමා අමාශය මගින් අවශෝෂණය කරගන්නේ.. ඒ ටික අපේ රුධිර දාරාවට ක්ශනිකව එකතු වෙනවා...අනික් 80% අපේ රුධිරයට ඇතුල් වෙන්නේ කුඩා බඩවැල/ක්ශුද්‍ර අන්ත්‍රය ( small intestine ) හරහා. 

හැබැයි පොඩි අවුලක් තියනවා අපි ethanol  ඇතුල් කරගන්න වෙලාවේ අපේ අමාශයේ තියන ආහාර ප්‍රමානය මේ අවශෝෂණයන්ට බලපානවා...

හිස් බඩෙන් අපි ethanol  ගත්තොත් ඒවා ඉක්මනට කුඩා බඩවැලට ගමන් කරනවා ඉක්මනට රුධිරයට අවශෝෂණය වෙනවා... නමුත් අමාශයේ ආහාර තරමක් දුරට තිබ්බොත් ඒ එතනෝල් අපේ කුඩා අන්ත්‍රයට ගමන් කරලා රුධිරයට ඇතුල් වෙන්න තරම වෙලාවක් ගත වෙනවා....

මෙන්න මේ සීන් එක නිසා තමා කට්ටිය හිස් බඩින් බිව්වාම ඉක්මනට මත් වෙන්නේ 😅 සහ හොදට කාලා ඉන්න වෙලාවක මත් වෙන්න වෙලා යන්නේ....

මෙන්න මේක දැන් හෝ නොදැන අපේ අය කරන්නේ මොනව හරි කන ගමන් (බයිට්) අල්කොහොල් පානය කරන එක.. එතකොට වෙන්නේ ගොඩාක් ඉක්මනට මත් වෙන්නෙත් නැහැ මත් ගතිය එක ගානකට ගොඩක් වෙලා තියාගන්න පුලුවන් 

ආ... තව දෙයක් සමහර අය වමනේ දාන එකත් (කබරයා 🤢) මේකෙන් අඩු වෙනවා...😅

ඔය කතාවේ ආරම්භය පමනයි....ඔන්න දැන් අර ethanol  අපේ රුධිරයට ඇතුල් වෙලා අපේ සන්සරන පද්දතිය ඔස්සේ ගමන් කරනවා එතකොට සිද්ද වෙන්නේ වැඩියෙන් රුධිරය අවශ්‍ය වන අවයව වලට එතනෝල් වැඩ්පුර ගමන් කරනවා..

අන්න ඒ ප්‍රධානම අවයව දෙක තමා...

1. අක්මාව

2. මොලය 

අක්මාවට  මේ වැඩි එතනොල් සාන්ද්‍රණය ඇගට හොද නෑ කියලා දන්න නිසා එයා කරන්නේ අහුවෙන අහුවෙන එතනෝල් අණුව ADH එන්සයිමය ( alcohol dehydrogenase )

භාවිත කරලා acetyldehyde(ඇසිටැලිඩිහයිඩ්) බවට පරිවර්තනය කරනවා නමුත් මේ acetyldehyde  ශරීරයට අහිතකර නිසා ALDH කියන එන්සයිමය මගින් එය ඇසිටේට්( ඇසිටික් අම්ලය) කියන විශ රහිත ද්‍රව්‍ය බවට පත් කරනවා.. මොකද පස්සේ මේ ඇසිටේට් ඉතාම ලේසියෙන් carbon dioxide සහ ජලය විදිහට බිද දමන්න පුලුවන් නිසා...

දැන් මේ අක්මාවෙන් බේරිලා යන එතනොල් ප්‍රධාන වශයෙන් මොලේට තමයි ගමන් කරන්නේ...

එතනොල් කරන පලවෙනි දේ තමා අපේ මොලේ ස්නායු සම්ප්‍රේක්ෂයක් වන GABA කි‍යන ස්නායු සම්ප්‍රේක්ෂකය වැඩිපුර ශ්‍රාවය කිරීම සහ gultamate කියන ස්නායු සම්ප්‍රේක්ෂකය ශ්‍රාවය වීම අඩු කරන එක... මේකෙන් වෙන්නේ අපේ ස්නායුවල  සන්නිවේදනයන් අඩාල කරන එක...

මේකේ ප්‍රතිපල නිසා තමා 

🥂සුලු මාත්‍රාවකින් එතනෝල් පානය කරාම relax බවක් දැනෙන්නේ..😌

🥂වැඩි මාත්‍රාවකින් ගත්තාම නින්ද යන්නේ 😴

🥂 ඉතා අධික මාත්‍රාවකින් ගත්තොත් සිහිමද තත්වයට පත්වෙන්නේ...😵

ඒ වගේම තව දෙයක් සිද්ද වෙනවා ඒ තමයි මේ එතනෝල් අපේ කනේ අර්ධ චක්‍රාකාර නාල වලට ඇතුල් වීම...මෙය සිද්ද වෙන්නේ විසරනය කියන ක්‍රියාවලිය හරහා...

මෙහෙම ඇතුල් උනාම සිද්ද වෙන්නේ කනේ අර්ධ චාක්‍රාකාර නාල වල තිබෙන තරලය එක්ක මේ එතනොල් මිශ්‍ර වෙනවා නමුත් මේ එතනෝල් ඝනත්වයෙන් අඩු නිසා පාවීමට ලක් වෙනනවා මේ කේස් එක නිසා අපේ කනේ කෝනික චලිතය හදුනාගන්න විශේෂ රෝම මගින් මොලයට වැරදි ස්නායු පනිවුඩ ලබා දෙනවා...

සරලව කිව්වොත් මොලේට අපේ කනෙන් පනිවුඩ දෙනවා අපි කැරකෙනවා කියලා  අන්න ඒක නිසා තමා අපි දෙපැත්තට වැනෙන්නේ මත් උනාම😅 

තව දෙයක් මොලේ ස්නායු සම්ප්‍රේක්ෂක අවුල් වෙලා තියන නිසා මේ පනිවුඩ අතර සම්බන්තාවය බොහොම දුර්වල වෙනවා... ඒක නිසා තමයි මත් උනාම වමට යන්න ඕන උනාම දකුනට යන්නේ 😅 තනිකරම වයර් මාරු වෙලා  වගේ තමා...

තව ජොලිබර දෙයක් තමා මත් උන පුද්ගලයින් හෙන ගැම්මෙන් ඉන්නේ.. ඕනි දෙයක් කරන්න පුලුවන් සයිස් එකේ තමා ඉන්නේ 😁

මේකට හේතුව තමයි එතනොල් අපේ මධ්‍ය මොලෙයේ සිට nucleus accumbens (සින්හල තේරුම නැත😪) කියන තැන දක්කවා තියන නියුරෝන සෛල උත්තේජනය කරනවා මෙන්න මේක අපේ motivation එක සෑහෙන්න වැඩි කරනවා ඒක නිසා තමා කස්ටිය ඕන දෙයක් කරන්න පුලුවන් ගානට ඉන්නේ... 😅

ඔයාලා දැකලා ඇති මත් උන අය හෙන ආතල් එකේ හිනාවෙවී තමා ඉන්නේ මේකට හේතුව තමා... එතනෝල් මගින් එයලගේ nucleus accumbens  කියන කොටසට විශාල වශයෙන් dopamine කියන හෝමෝන ශ්‍රාවය කරනවා අන්න ඒක නිසා තමා එයාලට විශාල සතුටක් ප්‍රීතියක් දැනෙන්නේ....😁😌 

(මේ ඩොපමිනි හොමොනයේ ප්‍රදාන ක්‍රියාව තමා සතුට ඇති කරන එක...🤗)

ඔන්න ඔයාලා දකින තව දෙයක් තමා මේ මත් උන අය හෙන talkative අය ඒ කියන්නේ හරි හරියට කතා බහේ යෙදෙනවා 😅 මේකත් මේ එතනෝල් වලම බලපෑමක් තමා....මන් ඒකත් පැහැදිලි කරන්නම්...

එතනෝල් සමහර නියුරෝන සෛල  මගින් අන්ඩොෆ්‍රින් කියන හෝමෝනය නිපදවනවා..... හරිම වචන භාවිත කරොත් එන්ඩොෆ්‍රින් සන්ස්ලේශනය කරනවා තරමක් ඉහල මාත්‍රාවකින්....

මේ එන්ඩොෆ්‍රින් මගින් වෙන්නේ ඒ පුද්ගලයාව බොහෝම relax 😌 කරන එක....

එයා අවට කිසිම අවදානම් සහිත දෙයක් නැති බව අගවන එක තමා මේකෙන් වෙන්නේ.... 

අන්න ඒ නිසා තමා මෙයාලා හම්බ වෙන ඕනිම කෙනෙක් එක්ක දුහදව එයාලගේ style  එකට ගැලපෙන්න එක දිගට කතාබහේ යෙදෙන්නේ... අනික මේ වෙලාවට එයාලා බොරු කියන සම්භාවිතාවයත් පට්ටම අඩුයි 😁 මොකද එයාලා හිතන් ඉන්නේ අවට කිසිම අවදානම් දෙයක් නැහැ කියලා... මාරයි නේ 😯

දැන් ඔන්න ඔහොම ඉදලා  කාලය එක්ක මත් ගතිය හෙමින් අඩු වෙලා යනවා මොකක්ද මේකට හේතුව 🤔🤔

ඒක වෙන්නේ මෙහෙමයි...

මොලෙන් අර වැඩ කෑලි ඔක්කොම වෙන අතරේ අපේ අක්මාව අපේ රුධිර ධාරවේ ගමන් කරන එතනෝල් ඉතාම වේගයෙන් ඉවත් කරනවා අන්තිමට රුධිරයේ එතනෝල් සාන්ද්‍රණය ගොඩාක් අවම වෙනවා එතකොට අර මත් ගතිය ක්‍රමයෙන් පහ වෙලා යනවා 😌 ඔන්න දැන් සන්සුන්... 

මන් හිතනවා මේ දක්වා ඔයාලා කියවන්න ඇති කියලා🙄🙄. බෝරින් උනේ නෑ කියලා මන් හිතනවා😥😥.. 

ඔන්න තව වැදගත් කරුනු ටිකක්... 👇

ඔයාලා දන්නවාද ගැහැනු අය පිරිමි අයට වඩා ඉක්මනට මත්වෙනවා කියලා 😲 ?

හේතුව අපි බලමු 🤔🤔

අපි  එක සමාන බර පිරිමියෙක් සහ ගැහැනියක් එකම ප්‍රමානයට ඇල්කොහොල් ගත්තා කියලා සිතමු.

ගැහැනු අයගේ රුධිර ප්‍රමානය පිරිමි අයට වඩා අඩුයි...අන්න ඒ හේතුව නිසා එයාලගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පිරිමි අයට වඩා වැඩි වෙනවා....අන්න ඒ නිසා ගැහැනු අය ඉක්මනට මත් වීම සිද්ද වෙනවා....

නමුත් මේක හැම වෙලාවෙම ඇත්ත වෙන්නේ නෑ මොකද එක එක්කෙනාට රුධිර මද්‍යසාරය සාන්ද්‍රනය එකින් එකට වෙනස් වෙන්න පුලුවන්... අපි මේකට english  වලින් Blood Alcohol Concentration (BAC)කියලා කියනව.

ඔයාලා තව දැකලා ඇති සමහර අය මත් උනාම වලියට බරයි 😬 ඒත් සමහර අය පාඩුවේ උපාසක මහත්තුරු වගේ ඉන්නවා 😂

මොකක්ද මේකට හේතුව 🤔?

මේකට හේතුව තමා අපි කලින් කතා කරපු අක්මාවෙන් නිපද වෙන එන්සයිම (ADH  ; ALDH)

මේ එන්සයිම වැඩිපුර නිපදවෙන අය බොහොම කලහකාරි නැත්නම් වලිබරයි 😡

අඩුවෙන් නිපද වෙන අය බොහොම සාමකාමී 😌

මේකට එන්සයිම විතරක් නෙවෙයි ජානමය හේතුත් බලපානවා හොදේ 😁

හම්මේ අපි  සෑහෙන්න විස්තර කතා කරා ඔන්න අන්තිම කොටස...

ඒ තමා hangover  එක.. ඒ කියන්නේ මත් ගතිය අඩු උනාම එන ඇගේ අපහසුතා වය... මේක ඇති වෙන්න නම් බර හේතු ගානක් තියනවා..... මන් ප්‍රධාන ටික කියන්නම්... 

⛔ අක්මාවෙන් නිපදවන ඇසිටික් අම්ලය ප්‍රධාන හේතුවක් මේක නිසා තමා muscles රිදෙන්නෙ....

⛔ මේ ඇල්කොහොල් නිසා අපේ මුත්‍රා කිරීම ගොඩක් වැඩි වෙනවා මේ නිසා ඇග  dehydrate වෙනවා මේකත් එක හේතුවක්... මේ මුත්‍රා කිරීම වැඩි වෙන්නෙ ALDH  වඩිපුර ශ්‍රාවය වීම තමා....

⛔අනික් දේ තමයි මේ ඇල්කොහොල් නිසා බඩේ gastric acid (ආමාශයික යුශය )  වැඩිපුර ශ්‍රාවය කරනවා මේක තමා hangover  එකේදි බඩ රිදෙන්න හේතු වෙන්නේ....

⛔ගොඩක් අයට මේ hangover එකේදී  ඔලුව රිදෙනවා හොදටම 😩..ඒකට හේතුව තමා අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය මගින් නිපදවන සයිටොකයින් කියන chemical එක....

⛔ Hangover  එකේදී ඇගට පන නෑ වගේ දැනවා ගොඩක් අයට.. ඒකට හේතුව අක්මාව මගින් ඇල්කොහොල් එක්ක fight  කරලා වෙහෙසිලා නිසා glucose  නිපද වන එක අඩු කරලා තියෙන්නේ තාවකාලිකව ඒ නිසා අපෙ ඇගේ ක්‍රියාවලි කරන්න අපිට හයිය නැතිවෙනවා..😬

හොදමේ මේ ඔක්කොම කියලා මේක නොකිව්වොත් වැඩක් නැහැ.... ඇල්කොහොල් ගැනීමෙන් ඇති වෙන ප්‍රතිවිපාක.... මේ කොටස අනිවා කියවන්න..

☢️ඔයාල හැමෝම දන්න දෙයක් තමා අක්මාවට හානි වෙන එක... අපි දිනපතා බොනව නම් අපේ අක්මාව මාර ක්‍රියාකාරී. ඒ වගේම මේ ඇල්කොහොල් වලට එරෙහිව ක්‍රියා කරලා අපේ අක්මා සෛල විනාශ වෙනවා. දින පතා බොනකොට  සෛල නැවත හැදෙන වේගෙට වඩා වැඩි වේගෙන් සෛල විනාශ වෙලා අක්මාව ක්ශය වෙනවා අපි මේකට කියනවා අක්මාව දියවෙනවා කියලා...

මන් අනික් ඒවා කෙටියෙන් කියන්නම් තරහ නෑනේ 🤗

☢️ එතනෝල් නිසා අපේ මොලේ සෛල වලට හානි වෙන්න පුලුවන්. සෛල හානි උනාම ආයි ඒව නැවත නිපද වෙන්නේ repair වෙන්නෙ නෑ... ඒ නිසා මතකය අඩු වීම; ඉන්ද්‍රියයන් වල ක්‍රියාවලි අඩපන් වීමත් සිද්ද වෙනවා.. ඒ වගේම මේ මගින් ස්නායු සම්ප්‍රේක්ෂක අවුල් කරන නිසා අපේ අත පය වෙවිලීම වගේ දේවල් වෙන්න පුලුවන් 

☢️ දීර්ග කාලීන භාවිත මගින් anemia  කියන රෝගය ඇති වෙන්න පුලුවන් ඒකෙන් වෙන්නේ රතු රුධිර සෛල ප්‍රමානය අවශ්‍ය ප්‍රමානයට වඩා අඩු වෙන එක... මේකෙන් ලොකු ස්වසන අපහසුතා ඇතිවෙනවා.

☢️ මේක නම් කියන්න ඕන නෑ හර්ද රෝග වලට කෙලින්ම මේ ඇල්කොහොල් භාවිතය බලපානවා...

☢️ තව දෙයක් තමා දිනපතා ඇල්කොහොල් භාවිතය නිසා අපේ මොලේ ස්නායු සම්ප්‍රේක්ෂක වන GABA ; ඩොපමිනි ; එන්ඩොෆ්‍රින් ශ්‍රාවය ගොඩක් අඩු කරලා විශාල විදිහට  Glutamate  ශ්‍රාවය කිරීම සිදු කරනවා..මේකෙන් වෙන්නෙ ඇල්කොහොල් බොන කෙනාගේ මාන්සිකත්ව ගොඩාක් දුක නැත්නම් තරහ වගේ හැගීම් ඇති කරන එක.. ඒ කියන්නෙ එයා කිසිම සතුටකින් නෙවෙයි ඉන්නේ.

මෙන්න මේක නිසා තමා දිනපතා බොන අය රන්ඩු වෙන්නේ බොහොදුරට ගෙවල් වල රන්ඩු ඇති වෙන්නේ මෙන්න මේදේ නිසා...

ඉතින් ඔයාලාට මේක කියන්නම ඕන දිනපතා බොන කෙනෙක් නම් කොහොම හරි ගේමක් දීලා බොන එක අඩු කරගන්න ඕන ; නොබී ඉන්න බැරිම නම් දවස් කිහිපයකට සැරයක් ඉතාම අඩු ඇල්කොහොල් ප්‍රමානයක් බොන්න ඕන..

මන් නම් කියන්නේ බොන එක නතර කරලා දාන එක තමා ඇගට වගේම සාක්කුවටත් හොදයි.

කවුරු හරි කියනව නම් ඇල්කොහොල් අපි පිටින් හැමදාම ගන්න ඕන කියලා ඒක බොරුවක්. අපේ ඇග ඇතුලේ යාන්ත්‍රන තියනවා අවශ්‍ය වෙලාවට ඒවා නිපදවාගන්න.

හම්මේ.... ඕක තමා මත් වීම ගැන විස්තරේ මන් හිතනවා ඔයාලා ඔක්කොම කියවන්න ඇති කියලා..

බෝරින් උනානම් සමාවෙන්න ඕන 😪 මට බය මේක දිග නිසා කට්ටිය කියවන්නේ නැතුව යයිද කියලා 😥😥😥😥....

මට මේක කරුනු හොයලා ලියන්න පැය පහක් ගියා... ඔව් සිරාවටම කිව්වේ..😯

මන් හිතනවා ඔයාලා ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති කියලා... ☺️

එහෙනම් තව පෝස්ට් එකකින් සෙට් වෙමු.. 😏

වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න 🤗

https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments

Popular posts from this blog

ෆෝටෝනය සහ පෘථිවිය

  🌍 🌞  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට  🌞 🌍 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේකේ තේරුම ? -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ෆෝටෝනයකට සූර් ‍ යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි. අද කතාව මේ හුටපටය ගැන  🤭 ❤ මම මේක full විද් ‍ යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු... 🌍  Intro °°°°°°°°°°°° අපි හැමෝම දන්නවා සූර් ‍ යා ගේ හරයේ න් ‍ යශ්ටියක් විලයන ප් ‍ රතික් ‍ රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ hydrogen න් ‍ යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න් ‍ යශ්ටියක් හදනවා. මෙතන ප් ‍ රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශ...

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...