❎❎❎ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට ❎❎❎
අද අපි කතා කරමු කරකැවිල්ල ගැන 😵 😁 (Dizziness)
ඔයාලා හැමෝම වගේ පොඩි කාලේ කිනි කිනි බෝලේ කරලා ඇති 😁 මේක හෙන ජොලි වැඩේ ඔක්කොම එකතු වෙලා කැරකිලා ඊට පස්සේ අපි හැමෝම නිකන් දෙකක් දාලා වගේ වැනෙනවා 😂 ඇයි එහෙම වෙන්නේ?
අපි මෙහෙම කැරකුනාම දේවල් දෙකක් දැනෙනවා
(1) අපිට කෙලින් ඉන්න බෑ දෙපැත්තට වැනෙනවා 😅
(2) අපිට පේනව මුලු ලෝකෙම කැරකෙනවා වගේ 😵
අද අපි හොයන්නේ මෙන්න මේවට හේතු...👇
අදත් වෙනදා වගේම පිලිතුර නම් දිගයි ඒත් අද ජොලිබර විස්තර ටිකක් තියෙන්නෙ ඒක නිසා බෝරින් නැහැ..
හොදයි අපි කාරනාවට බහිමු...
අපිට මේ කරකැවිල්ල දැනෙන්නේ කනේ කොටසක් නිසා ඒක නිසා මන් ඔයාලට කනේ ඒ කොටස් ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්..
අපේ කනේ කොටස් ප්‍රදාන තුනයි 1. භාහිර කන 2. මැද කන 3. ඇතුල් කන
අපිට මේ සීන් එකේදි වැදගත් වෙන්නේ ඇතුල් කන ඇතුල් කනේ අපේ සමතුලිතතාව පවත්වාගන්න පොඩි කොටස් දෙකක් තියනවා (1 රූපය බලන්න)
(1) ආලින්දය(2) අර්ධ චක්‍රාකාර නාල
මේ system එකට අපි කියන්නේ "vestibulo ocular system" එක කියලා...
ආලින්දය කියන කොටසේ කුටීර දෙකක් තියනවා ඒ තමා "තුම්බිකාව" සහ "මඩිච්චිය" මේවා තරලයකින් පිරිලා තියෙන්නේ ඒ තරලයට අපි කියනවා "පරිවසා තරලය" කියලා ඒ වගේම මේ කුටිවල තියනවා කැල්සියම් කාබනේට් අන්ශු (3 රූපය බලන්න ) මෙන්න මේ දේවල් අපිට වැදගත් වෙන්නේ ගුරුත්වය හදුනා ගැනීමට සහ රේඛීය චලිතයක් සදහා..
අර්ධ චක්‍රාකාර නාල කියන්නේ එකිනෙකට ලම්බක තල තුනක තියන අර්ධ චක්‍ර තුනක්... (2 රුපය බලන්න)
ඇයි තල තුනක තියෙන්නේ එතකොට මොලේට පුලුවන් අපි මේ ත්‍රිමාන අවකාශය තුල අපේ හිස කොහේ හැරෙව්වත් ඒ පිහිටීම ඉතා නිවැරදිව දැනගන්න.. ඔව් ස්වභාදහම මාර නිර්මානශීලී 🖤👌ඒ වගේම මෙන්න මේ නාල වල තියනවා තරල දෙකක් ඒ තමා....
"අන්තොවසා තරලය" සහ " පරිවසා තරලය" මෙන්න මේ තරල තමා වැදගත් වෙන්නේ අපේ කෝනික චලිතයන් හදුනා ගන්න....
මෙන්න මේ නාල තමා කිනි කිනි බෝලේ සීන් එකට ඕනි වෙන්නෙ මොකද අපි කැරකෙන එක කෝනික චලිතයක් නේ..
දැන් පැහැදිලි කිරීම පටන් ගමු
අපි පලවෙනි කාරනාවට බලමු ඒ තමා අපි කරකැවිල්ල හැදුනම ඇති වෙන බැලන්ස් නැති ගතිය ගැන....
මේක සීද්ද වෙන්නේ මෙහෙමයි අපි කැරකෙනකොට අපි වගේම අර අර්ධ චක්‍රාකාර නාලවල තියන තරලත් කැරකෙනවා අපි කැරකිලා නතර උනාට මේ තරලයේ ගමන නතර වෙන්නේ නෑ... හරියට අපි වතුර පුරවපු භාජනයක් ඇතුලට අත දාලා ජලය කරකවලා අත එලියට ගත්තා කියලා ජලයේ ගමන නවත්තන්නේ නෑ ඒකට පොඩි වෙලාවක් යනවා නතර වෙන්න අන්න ඒ වගේ තමා මේකත්...
අපි නතර උනාට තරලය ගමන් කරනවා දන් මාර සීන් එක අපි නතර වෙලා නමුත් අර තරලය ගමන් කරන නිසා කනෙ සිට මොලෙට පනිවිඩ යවනවා මේ යකා තාම කැර කෙනවා ඒක නිසා දෙපැත්තට පැද්දිලා ඇග බැලන්ස් කරන්න කියලා... නමුත් අපිට ඕන කෙලින් ඉන්න ඒත් මොලේ signal දෙනවා අපිට පැද්දෙන්න අන්න ඔය සීන් එක තමා අපි කොච්චර කෙලින් ඉන්න try කරත් දෙපැත්තට move වෙලා unbalance වෙන්න හේතුව... අර තරලයේ ගමන නතර උනාම අපිට ශෝක් එකට බබා වගේ ආයි කෙලින් යන්න පුලුවන්.....
ඔන්න අපි දෙවෙනි කාරනාවට එනවා ඒ තමා අපිට කැරකිල්ල හැදුනමා අපේ අවට පරිසරය කැරකෙන්න ගන්න එක... නැත්නම් ගොඩක් අය කියන්නේ අනේ ලෝකේ කැරකෙනවනේ කියලා 😂
මේක වෙන්නේ මෙහෙමයි... අපි කැරකිලා අවසන් උනාට අර කලින් කිව්ව අර්ධ චක්‍රාකාර නාල වල තරල ගමන් කරනවනේ එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා...
මොලෙන් ඇපේ ඇස් වලට පනිවිඩයක් යවනවා මේ කෙනා එහාට මෙහාට චලනව වෙනවා නැත්නම් වමට දකුනට චලනව වෙනවා කියලා එතකොට අපේ ඇස් ඉබේම අපිට නොදැනී ඉතාම වේගෙන වමට දකුනට චලනව වෙනවා මේ සීඝ්‍ර අක්ශි චලනයට අපි කියනවා "Nystagmus" කියලා.. මේ සිද්ද වෙන වේගවත් චලනය නිසා අපිට පේන්නේ අපේ වටේ ලෝකය කැරකෙනවා වගේ 😁 මාරයි නේ..
මේ අනිච්චානුග ක්‍රියාවට ( නොසිතා කරන ක්‍රියාව) අපි කියනවා " vestibulo ocular response " කියලා...
මේක අපිට ප්‍රායෝගිකව චෙක් කරලා බලන්න පුලුවන් ඔයා කියන්න කෙනෙක්ට හොදට වට කිහිපයක් කැරකෙන්න කියලා එයා කැරකිලා අවසන් උන ගමන්ම ඔයා එයාගේ ලගට ගිහින් හොදට ඇසේ කලු ඉන්ගිරියාවේ චලිතය බලන්න ඒක වේගෙන් එහා මෙහා යනවා ඔයාලටම බලාගන්න පුලුවන් ශෝක් එකට...
ඔන්න වැඩේ ඉවරයි .....ඒත් ඉතින් දන්නව නේ වෙනද වගේ ප්‍රශ්න අහන පොරවල් ඉන්නව නේ....
ඔන්න කෙනෙක් අහන්න පුලුවන්... බැලේ නටන අය එතකොට ගුවන් කරනන් ගහන් අය දිහා පොඩ්ඩක් බලන්න බැලේ නටන කෙනෙක් වට තිහක් විතර කැරකිලා ශෝක් එකට කෙලින් ඉන්නවා නේ කිසි අවුලක් නැතුව ... ඇයි ඒ 🙄🤔??
ඕකට පිලිතුර පොඩි එකක් ඒ තමා practice එක... 😁😅 බැලේ නටන අය පොඩි කාලේ ඉදන්ම ඔය විදිහට කැර කිලා කැර කිලා පුරුදු වෙලා එයාලගේ මොලේට ඒක ගානක් නෑ එයාලගේ මොලේ ඒ අවස්තාවට හොදට හැඩ ගැහිලා....
ඕක මෙන්න මේ වගේ.... අපි සීතල වතුර ටිකකින් නාන්න හදනවා ඔන්න මුල්ම වතුර පාර පට්ට සීතලයි තව වතුර ටිකක් දාගන්නවා එච්චරයි සීතල නෑ ඔන්න ඔහේ තව එක්ක දාගන්නවා දැන් සීතල ඇත්තේම නෑ... ඕන්න ඔය දේම තමා එයාටත් වෙන්නේ එයාලා හැමදාම කැරකෙන නිසා ඒක සාමාන්‍ය කරනය වෙලා බැලේ නටන කෙනෙක් කැරකිලා ඉවර උනාම අපේ වගේ නෙවෙයි එයාලගෙ ඇස් වල පොඩි චලනයක්වත් නෑ ඒ තරම් නියමෙට තියනවා නොසෙල්වී තියනවා 👌
ඒකයි එයාල එහෙම ලස්සනට නටන්නේ 😁
හම්මේ ඔන්න තව ප්‍රශ්නයක් ඔන්න පොරක් අහනවා දැන් අභයවකාශයේදී ගගන ගාමීන්ට බර දැනෙන්නේ නෑනේ ඒ කියන්නේ එයාලා පා වෙනව එයාලාට කැමති විදිහට කැරකෙන්න ඇබරෙන්න පුලුවන් නේ එයාලට කරකැවිල්ල හැදෙන්නේ නැද්ද....
මේකට නම් ඔයලා පුදුම වෙයි 😲 එයාලා කොහොම කැරකුනත් එයාලට කරකැවිල්ල දැනෙන්නේ නෑ.... 😯
අපි බලමු ඇයි කියලා එයාලා ඇත්තටම පා වෙනවා නෙවෙයි එයාලා ගුරුත්වය යටතේ පහලට වැටෙන්නේ අපි මේකට කියනවා free fall කියලා..
දැන් වැඩේ කියන්නේ අපේ කනටත් ගුරුත්වය දැනෙන්නේ නෑ. අපි කොහොම අභයවකාශයේදී කැරකුනත් ඒක අර තරල වලට දැනෙන්නේ නැ මේක අමුතු දෙයක්...
අපේ කන සහ මොලය කොච්චර සුපිරි ද කියනව නම් අපි අභයවකාශට ගිහින් ඉතාම කෙටි කාලයක් ඇතුලත් අපේ කනට පුලුවන් මේ ගුරුත්වය රහිත පරිසරයට හැඩ ගැහෙන්න ඒක නිසා අපේ අනික් movement වලට ගුරුත්වය රහිත බව ප්‍රශ්නයක් වෙන්නෙ නෑ....😯
ඔයාට කරකැවිල්ල නැතුව කැරකෙන්න නම් අභයවකාශයටම යන්නම වෙනවා 😁
හම්මේ....ඕන්න ඕක තමා කරකැවිල්ල ගැන විස්තරේ 😁
මන් හිතනවා ඔයාලා ගොඩක් අලුත් දේවල් දැනගන්න ඇති කියලා එහෙනම් අපි තව පෝස්ට් එකකින් හෙට සෙට් වෙමු 😉
ඔක්කොම කියෙව්වාට thank you වේවා 🙏
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

.jpeg)
Comments
Post a Comment