‼️‼️‼️ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්...... සමහර අයට ‼️‼️‼️
අද අපි කතා කරමු Brain Freeze ගැන...මොකක්ද මේ brain freeze කියන්නේ? මම නම් මේකට කියන්නේ අයිස්ක්‍රීම් ඔලුවෙකැක්කුම කියලා....
අපි මේ කතා කරන්නේ සමහර අය ටිකක් සිතල දෙයක් එයාලගේගේ මුඛයට ඇතුල් කරගත්තාම දැනෙන ඔලුවෙ වේදනාව / හිසේ කැක්කුම ගැනඒක සාමාන්‍ය ජිවිතේදී අපිට හමුවන පුද්ගලයින් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට (1/3) තියෙන ලෙඩක්... ඒ කියන්නේ හැමොටම මේ අවුල නෑ....
සමහර විට මේ පෝස්ට් එක කියවන ඔයාට මේ තත්වය තියනවා වෙන්න පුලුවන් 😁
මොකක්ද මේකට හේතුව 🤔🤔🤔?
අද නම් පිලිතුර ගොඩක් දිග නම් නෑ හැබැයි පොඩි ජීව විද්‍යා වචන ටිකක් තියනවා ඒක නිසා බර වචන නොදා මන් මේක සරලව කියන්නම්..😁👌බෝරින් වෙයිද මන්දා 😥😥😥😥
කමක් නෑ...අපි කාරනාවට බහිමු...
ඔබේ මුහුන අවුල් ජාලය 😲 නෑ නෑ පිටතින් බැලුවම නෙවෙයි පිටතින් බොහොම හැඩවුනාට ඇතුලතින් බැලුවම ටිකක් සන්කීර්නයි 😁
මොකද ඔයාගේ හිසේ මුහුනට ආසන්නව තමා ඔයාගේ ප්‍රධාන සන්වේදක අවයව කිහිපයක්ම පිහිටලා තියෙන්නේ...
ඇස ; කන ; නාසය ; දිව ඉතින් මේ වගේ අවයව කිහිපයක් එක ලග අපේ මොලයට ආසන්නව තියනවා.. ඒක වැදගත් වෙනවා වේගවත් පනිවුඩ හුවමාරුව සදහා මොකද ඔක්කොම එකලග නේ තියෙන්නේ... 😁
දැන් වැඩේ කියන්නේ මෙහෙමයි අවයව කිහිපයක් එකලග තියනකොට මේ අවයව වලට ප්‍රධාන වශයෙන් රුධිරය ලබා දෙන්නේ සහ මේ අවයව වලින් ස්නායු ආවේග ඒ කියන්නේ පනිවුඩ අරන් යන්නේ එකම ප්‍රධාන රුධිර නාල කිහිපකින් මගින් සහ එකම ස්නායු පත කිහිපයකින්
ඉතින් මෙහෙම ස්නායු පත සහ රුධිර නාල ගොඩක් එක ලග තියනකොට පොඩි misleads වෙන්න පුලුවන් ඒ කියන්නේ එක් අවයවකින් ඇතිවෙන ආවේගයක් නිසා වෙනත් අවයවයක් accidentally trigger වෙන්න පුලුවන් හරියට පොඩි වයර් ශෝට් එකක් වගේ
මන් උදාහරණ කිහිපයක් දෙන්නම්...
සමහර අයට එකපාරටම දීප්තිමත් එලියක් ඇසට වැටුනම කිවිසුම් යනවා..
සමහර අයට නාසයේ රෝම ඉවත් කිරිමකදී ඇස් වලින් කදුලු ගලනවා...
ඒ වගේම දෙයක් තමා මේ brain freeze කියන්නෙත්...
පොඩි වයර් ශෝට් එකක්
ඇත්තටම මේ ලෙඩේට නමකුත් තියනවා ඒ තමා " Sphenopalatine ganglioneuralgia" (ස්පිනොපොලොටීන් ගැන්ග්ලිඔන්- නියුරැල්ජියා 🙄)
ඔව් ඔයා හිතුවා හරි brain freeze කියන එක ලාබයි 😂
මේක වෙන්නෙ මෙහෙමයි....
අපි ඉතින් කලබලෙට හදිස්සියට තරමක් සීතල ආහාරයක් ගත්තාම අපිට නොදැනුවත්ව ඒ සීතල ආහාරය අපේ උඩු තල්ල ප්‍රදේශයේ සහ උගුරේ බිත්තියේ තරමක් වෙලා ස්පර්ශ වෙලා තියෙන්න පුලුවන් එතකොට අපි අතින් නොදැනුවත්ව අපේ මොලේට රුධිරය පරිවහන කරන ප්‍රධාන ධමනි දෙක trigger වෙනවා...
මේ ධමනි ගැන කිව්වොත්
(1.) Internal carotid artery එක මුලු මොලේටම ලේ සපයන්නේ මේකෙන් 😯
(2.) Anterior cerebral artery ( පූර්ව මස්තිශ්ක ධමනිය) මේක අපේ මොලය ඉදිරියෙන් ගමන් කරන එකක්.....
මේ ධමනි trigger වෙනවා කියන්නේ අපේ සීතල ආහාරය නිසා මේ ධමනි සීඝ්‍රයෙන් හැකිලීමට/සන්කෝචනයට ලක් වෙන එක තමා වෙන්නේ.... මේ පනිවුඩය අපේ මොලේට ගමන් කරාම මොලේ කියනවා ධමනි හැකිලෙන එක හොද දෙයක් නෙවෙයි ඒක නිසා එතනට blood supply එක වැඩි කරන්න කියලා එතකොට එතනට වැඩිපුර රුධිරය ගිහින් එම ධමනි සීඝ්‍රයෙන් ප්‍රසාරණය කරනවා
මේ ක්ශනිකව සිදුවන ධමනි ප්‍රසාරණය වීම සහ සන්කෝචනය වීම අපේ මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක trigger කරලා ඒ වේදනාව ගැන ස්නායු ආවේගයක් යවනවා...
මෙන්න මේ ආවේගය යන්නේ අපේ මුහුනේ සියලුම සන්වේදනට අදාල වන ස්නායුව හරහා ඒ තමා ත්‍රිශාක ස්නායුව ( Trigeminal Nerve)....
අන්න ඒක නිසා තමා මොලයෙ පාදස්ථයේ ඇතිවන වේදනාව අපෙ මුහුනේ ඔලුව දෙපැත්තෙන් සහ ඇස් වල පිටිපස්සෙන් වගේ දනෙන්නෙ...
පොඩි mislead එකක් තමා මේ වෙන්නේ...
දැන් මේකට විසදුමක් තියනවද 🤔?
ඔව් පොඩි විසදුම් තමා තියෙන්නේ 👇
▪️පලවෙනි දේ තමා ඉවසලා ඉන්න එක මේ වේදනාව උපරිම තත්පර 30ක් තියෙයි...එතකන් ඉවසලා ඉන්න ඕන
▪️දෙවෙනි දේ තමා තමන්ගේ දිව උඩු තල්ලට තද කරන් ඉන්න එක ඒකෙන් අපේ තල්ල ඉක්මනට රත් වෙනවා 😁
▪️අනික දේ තමා රස්නේ වතුර ටිකක් බොන එක... ඒත් මන් මේක recommend අරන්නේ නෑ මොකද අපි අදික සීතල දෙයක් කාලා එක පාරම රස්නේ වතුර බොන එක අපේ දත්වලට හොද නෑ ඒක නිසා ඔයාලා ඒක කරන්න එපා හොදේ 😌
මෙතන පොඩි අවදානම් සහගත දෙයක් දියනවා මේ brain freeze කියන දේ දනෙන අයගෙන් 93% දෙනෙක්ම migraines කියන රෝගී තත්වයෙන් පෙලෙන අය ඔයාටත් මේ brain freeze වෙන එක සැරටම තියනව නම් ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න මේ ලෙඩේ පොඩි treatment ටිකකින් හොද කරන්න පුලුවන් ඒක නිසා කිසිම අවුලක් නෑ....
ඇත්තටම මේවගේ තව ඇති වෙන misleads එක්ක ඇති වෙන සන්සිදින් දිහා බලලා ස්නායු විසේසඥායින් රෝග වලට හේතු සහ ස්නායු ක්‍රියාකාරීත්වය ගැන ගොඩක් විස්තර සොයාගැනීමත් සිදුකරනවා...😲 පොඩි වගේ උනාට ලොකු සීන් එක්ක මේක...😁
හම්මේ ඔන්න ඕක තමා brain freeze කියන්නේ අද පෝස්ට් එක බෝරින්ද මන්දා හැබැයි මන් මේක සාමාන්‍ය ජිවිතේට වැදගත් වෙන නිසා තමයි දැම්මේ 👌
මන් හිතනවා ඔයාලා අලුත් දෙයක් දැන්ගන්න ඇති කියලා...
එහෙනම් අපි තව පෝස්ට් එකකින් සෙට් වෙමු 😉
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment