Skip to main content

අද අපි කතා කරන්නේ ලෝකේ අත්භූත ස්ථාන හතක් ගැන.

 🌍🏔️⛰️🌋🗻 මේක අලුත් දෙයක් වෙයි.... සමහර අයට 🗻🌋⛰️🏔️🌍

අද අපි කතා කරන්නේ ලෝකේ අත්භූත ස්ථාන හතක් ගැන. මේ ස්ථාන වල වෙන දේ scientist ලට පවා විස්තර කරන්න බෑ 😮😯

ඒත් විද්‍යාඥයන් මේවා ගැන පරීක්ෂණ කරලා විවිද theories/වාද ඉදිරිපත් කරලා තියනවා. අපි ඒවත් එක්කම කතා කරමු මේ අත්භූත ස්ථාන ගැන. මන් ඒ වගේම ඔයාලට මේ ස්ථාන ගැන වැඩිපුර බලන්න හිතුනොත් කියලා ඔයාලට මේවා internet  එකේ search කරන්න ඕන keywords  දාන්නම් 🤗👌

😮 1️⃣යකාගේ කේතලේ ( Devil's kettle waterfall )😮

ඔව් මේක දියඇල්ලක්. මේක තියෙන්නෙ US වල මිනෙසෝටා කියන ප්‍රදේශයේ. මේ දියඇල්ලේ අත්භූතබව තමා මේ දියඇල්ලේ පහලට කඩා හැලෙන ජල දාරා දෙකක් තියනවා. එක ජල දාරාව පොලවට ලස්සනට ඇද වැටෙනවා නමුත් අනෙක් ජලදාරාව පොලවේ තියන විශාල ස්වභාවිකව හැදුන සිදුරකට තමා වැටෙන්න.( 1රූපය හොදින් බලන්න ) දැන් කොහෙද බොලේ මේ වතුර යන්නෙ 🤔

මේ දියඇල්ල  බලන්න එන සංචාරකයො ලීකෑලි අනම් මනම් මේ සිදුරට දාලා බලල තියනවා මේක දිය ඇල්ලෙ පහල කොටසින් මතුවෙයි කියලා. මොන ඒ දාපු ඒවා ආයි බෙහෙකට වත් හොයාගන්න ලැබිලා නෑ.

මේක දැකපු scientist ලා  ඒ සිදුරට විවිද වර්නක එකතු කරලා බැලුවා මේ වර්න ගැන්උන වතුර එලියට එන තැන බලන්න. ඒ වගේම මෙයාලා baseball පවා මේ සිදුරට දාලා බැලුවා මේවා කොහෙන්ද එන්නෙ කියලා. ඒත් බැරි උනා.

හැබැයි  2016 දී සිදුකරා පට්ට පරීක්ෂණයක් ඒකෙන් එක දෙයක් පැහැදිලි කරගත්තා. පරීක්ෂණය තමා

දියඇල්ල කඩා හැලෙන්න කලින් දියඇල්ලේ ඉහල කොටසින් නියමිත කාලයකදි එන ජල ප්‍රමානය මැන්න. ඊට පස්සේ දිය ඇල්ල යට කොටසේ නියමිත කාලෙකදි ගලන ජල ප්‍රමානය මැන්න. යකඩෝ මේ දෙකම සමානයි කියන්නකො 😯 ඒකෙන් කියවෙන්නෙ මේ සිදුරෙන් යන ජලය පොලව යටින් ගිහින් මේ දියඇල්ලේ පහල කොටසට එකතු වෙනවා ඒත් ඒ කොහොමද කියන එක දෙයියෝ තමා දන්නෙ 🤷

😮 2️⃣ Stonehenge 😮

මේක නම් ඔයාලා කිව්ව ගමන් දන්නවා. ඒ තමා එංගලන්තයේ තියෙන විශාල ගල් කනු යම්කිසි පිලිවෙකට හදාලා තියන නිකන් මන්ඩපයක් වගේ place  එකක්. (2 රූපය හොදින් බලන්න) මේක ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් හොදේ.

මේ තැන ගැන පොඩ්ඩක් හොයලා බලන්කොට විද්‍යාඥයෝ දැක්කා මේ දෙය හදලා තියෙන්නෙ එක පාර නෙවෙයි පියවර 6 කින් ; ක්‍රි.පූ  3000 සිට 1520 දක්වා කියලා.

දැන් කස්ටියට ප්‍රශ්න දෙකයි.

1. කොහොමද මේක හැදුවේ ?

මේ එක ගලක් නෝමල් 4m විතර උසයි ඒ වගේම 2.1m පමන පලලකින් යුක්තයි. ඒ වගේම බර ටොන් 25 පමන වෙනවා 😯 දැන් කාලේ නම් මේවට එක එක විදියේ machines තියනවා මේවා උස්සන්න. ඒ කාලේ කොහොමද මේ යක්කු මෙච්චර බර ගල් උස්සලා මේවගේ දෙයක් හැදුවේ 🤷 හ්ම්.... පිස්සු හැදෙනව නේ

2. ඇයි මෙහෙම දෙයක් හැදුවෙ ?

ඒ කාලේ මිනිස්සුන් මේ තරම් ගල් කනු උස්සලා මේවගේ දෙයක් හැදුවේ ඇගේ අමාරුවකට කියල නම් කියන්න බෑ. මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕන. ඒ ප්‍රශ්නයටත් අපි නිරුත්තරයි 🤷

මේකට එක එක දේවල් කස්ටිය/සාමාන්‍ය මිනිසුන් කියනවා. ගොඩක් ප්‍රසිද්ධ මත තමා..

🔶 මෙතන මොනවහරි පූජා පවත්වපු තැනක්🔶 මෙතන තමා ලෝකේ මහද්වීප හැදෙන්න කලින් ලෝකයේ මැද.  🔶 මේක වෙන මානයකට දොරටුවක් 

🔶 මේක ඒකාලේ කාලය මැනගැනීමට භාවිත කරපු ඔරලෝසුවක් ( හෙවනැලි මගින්

🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷

😮 3️⃣  හෙස්ඩලන් එලි ( The Hessdalen lights )😮

මේ සීන් එක තමා නෝර්වේ වල හෙස්ඩලන් කියන නිම්නයේ අහසේ 12Km පමන පරාසයක විවිද වර්න ඇති වෙන එක. නිකන් color show එකක් වගේ. එක එක විදිහට පාට පාට එලි අහසේ තියනවා. මොනාද බොලෙ මේ ?

(3 රූපය හොදින් බලන්න)

පියාබන පීරිසි කියලා තමා මටනම් මුලින්ම දකිනකොට හිතුනේ නමුත් මේ එලි විතරයි වෙන මොනවත් නෙවෙයි. කොහොමද මේවා ඇති වෙන්නේ කියල නම් තාම කවුරුත් දන්නේ නෑ.

මේ එලි සුදු ; කහ ; රතු වර්න වලින් දකින්න පුලුවන් රෑ සහ දවල් කාලයේ දෙකේම.

මේක මේ ලගදි උන එක්ක නෙවෙයි  දශක හතරක් තිස්සේ වෙන දෙයක් 1981 ඉදන් 😯 මේ එලි පේන සීන් එක සතියකට 12-15 වතාවක් විතර වෙනවලු 😯🤷

විද්‍යඥයො නම් කියන්නේ ඒ අවට විකිරණශීලි මූලද්‍රව්‍යයන් තියන විලක් ඇති කියලා. ඒත් එහෙම එකක් නෑ. ඒ වගේම එයාලා කියනවා මේ නිම්නයේ භූගතව සල්ෆියුරික් අම්ලය ඇති ඒවා වාශ්ප වෙලා අහසෙදි ජලය එක්ක ක්‍රියාකරාලා මේ එලි හදනවා කියලා. විද්‍යාඥයෝ කොර වෙලා ඉන්නේ 😂

😮 4️⃣ ඇමසෝන් වල තියන boiling river එක 😮

ඔයාලා උනු වතුර ලිං දැකලා ඇති අන්න ඒ වගේ තමා මේක. නමුත් වැඩේ කියන්නෙ මේක පට්ටම රස්නෙයි වැඩිය නෑ සෙල්සියස් 91- 100 වෙනව මේ ගගේ වතුර 😂😯 ගග 6.4 Km දිගකින් යුක්ත වෙනවා. (4 රූපය බලන්න)

වැටුනොත් පන පිටින් තැම්බෙන්න වෙන්නෙ. දැන් ඔයාලා හිතනවා ඇති ලග පාත ගිනිකන්දක් ඇති ඒකෙන් එන ලාවා නිසා මේ ගග පොලව යටින් රත් වෙනවා ඇති කියලා. වැඩේ කියන්නේ මේ ගග අවට සැතැපුම් තුන්සීයක් වටේට කිසිදු ගිනිකන්දක් නෑ. 

මේ ගග් වටේ ඉන්න මිනිස්සුට නම් හෙන වාසී මෙයාලා මේ වතුර එදිනෙදා වැඩ වලට හවිත කරනවා. තේ හදන්න කෑම උයන්න තමා ගන්නේ 😂මේ අය ගෝත්‍රික ජනතාවක්. මෙයාලගේ ගෝත්‍රය හදුන්වනේ " ලා බොම්බා " කියලා. ඒ අය නම් කියන්නේ මේ ගගට ආත්ම මගින් මැජික් හැකියාවන් ලබාදීලා තියනවා කියලා. ඒ වගේම එයාලා විශ්වාස කරනවා මේ වතුර ඖෂධීයයි කියලා 😯

😮 5️⃣ ලෝකේ ඇතුලේ ලෝකයක් (Movile Cave ) 😮

ඔව් අපි දන්නේම නැතුව අපේ ලෝකේ ඇතුලේ ලෝකයක් තිබිලා. ඒ තමා මේ රුමේනියාවේ Movile කියන ගුහා පද්දතිය. මේ ගුහාව සොයාගෙන තියෙන්නෙ මේක හැදිලා අවුරුදු මිලියන 5.5 කට පස්සෙ තමා. ඔව් මේ ගුහා පද්දතිය ගොඩක් පරනයි. 😯 (මේ ගුහා පද්දතිය හොයාගත්තේ 1986 දී )

මේ ගුහාව ඇතුලේ වෙනම පරිසර පද්දතියක් තියනවා හරියට වෙනම ලෝකයක් වගේ.

මේ ගුහාව ඇතුලේ ඒකටම හැදුන වායුගෝලයක් පවා තියනවා. ඒ වගේම ඒ වායු ගෝලයෙ අපේ වගේ දහගුනයක සාන්ද්‍රණයෙන් කාබන්ඩයොක්සයිඩ් තියනවා. ඒ වගේම අනෙක් බහුල වායුව විදිහට හයිඩ්‍රජන් සල්ෆයිඩ් තමා තියෙන්නෙ.මේ වායුව තනිකරම කුනු බිත්තර ගදයි 🤢🤮 මේ ගුහා අපට ගොඩක් විශ සහිතයි. ඔයාල හිතනව ඇති කෝ ඔක්සිජන් කියලා. ඔක්සිජන් තියනවා ඒත් තියෙන්නෙ කුඩා ප්‍රමානයක්. 

ඒ වගේම මේ ගුහා ඇතුලේ සල්ෆියුරික් වැවක් තිබිලා තියනවා භූගතව. ඒ වගේම මේ ගුහාවේ ලෝකේ වෙන කෝහේවත් නැති ජීවීන් 33 හදුනාගෙන තියනවා. 

මේකෙන් අපිට පොඩි ඉගියක් දෙනවා ආදි කාලේ අපේ පෘථිවිය කොහොම තැනක්ද කියලා. මාරයි නේ විද්‍යාඥයන්ට නම් මේක දැනුම් ආකරයක් 😯

😮 6️⃣ නැම්මිබියාවේ තණ බිම් ( circles of Namibia )😮

නැම්මිබියාව කියන්නෙ කාන්තාර ප්‍රදේශයක්. මෙහේ මේ පැත්තට ආවේනික උන සත්තු සර්පයො සෑහෙන්න ඉන්නවා ඒ වගේම මෙහේ තණ බිම් වල බෝල බෝල රවුම් තියනවා හැම තැනම 😂 ඔව් සිරාවටම කිව්වේ හැම තැනම රවුම් රවුම් වලවල්. (5 රූපය බලන්න)

4to එක බැලුවම තේරෙන්න ඇති බිම පුරාම රවුම් ඇදලා කවුරු හරි. මොකක්ද බොලේ මේකට හේතුව 🤷

මේවා විවිද ප්‍රමානයේ රවුම් ගානට හොදට ඇදලනේ කවුරුහරි. තාම නිශ්චිත හේතුවක් නම් නෑ. ඒත් දැනට පිලිගන්න මතය තම වේයෝ  විසින් තමා මේ වින්නැහිය කරලා තියෙන්නෙ කියන එක. වේයෝ මේ තණ බිමේ තණකොළ ගානට රවුමට කපන එක තමා උන්ගේ ජොබ් එක එහෙනම් 🤷

😮 7️⃣ නිම නොවන අකුනු ගැහිල්ල (Venezuela's never ending lightning storm) 😮

බටහිර වෙනිසියුලාවේ කැටටුම්බො කියන ගං මෝය ලග තමා මේ සීන් එක වෙන්නෙ. මේ හරියෙදි රෑට ආරම්භ වෙන අකුනු ගැහිල්ල nonstop සිද්ද වෙනවා. මේ අකුනු කුනාටුව (අකුනු ගැහිල්ල) රෑ හත වගේ වෙනකොට පටන් අරන් එක දිගට පැය දහයක් nonstop  අකුනු ගහනවා ආයි සුපිරියටම. මෙතනදි පැයකට අකුනු 280 විතර ගහනවා. පොඩි ඒවා නෙවෙයි පට්ට ලොකු සයිස් එකේ ඒවා.

(6 රූපය බලන්න)

මේ සීන් එක සතියකට කිහිප සැරයක් වෙනවා. ඒත් 2010 එකම එක දවසක් මෙහෙම ආරම්භ උන අකුනු කුනාටුව මගදි නතර වෙලා ආයි සති හයක් වගේ කාලයක් ගිහින් තමා ආයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ පුදුමයි නේද? ඒත් මේකට නිශ්චිත හේතුවක් තාම හොයන් නෑ 🤷

දැනට විද්‍යාඥයෝ හිතනවා මේ ගං මෝය කදු පන්ති තුනකින් කවර් වෙලා වගේ තමා තියෙන්නෙ. ඒ තමා 1. ඇන්ඩීස් කදු පන්තිය 2. පෙරීජා කන්ද  3. මෙරීඩාස් කදු පන්තිය . මේතන වෙන සීන් එක තමා මේ තැනිතලාව දිගේ එන උනුසුම් වාතය සහ තෙතමනය මේ කදු පන්ති සමහ ගැටිලා සිද්ද වෙන අස්ථාවභාවය තමයි මේ අකුනු කුනාටුව ගොඩක් වෙලා පවත්ව ගන්න හේතු වෙන්නෙ කියන එක 😯 

✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂

අම්මේ.... ඔන්න ඕක තමා අත්භූත ස්ථාන ගැන කතාව. මන් හිතනවා ඔයාලා අලුත් දේවල් ගොඩක් දැනගන්න ඇති කියලා. මන් මේ තෝරගෙන තියෙන්නෙ ඔයාලට හැමදාම වගේ ඇහෙන්නෙ නැති තැන් 🤗 ඒක නිසා පොඩි නුහුරු ගතියක් දැනෙන්න ඇති.

අනික මේක මගෙ පෝස්ට් ලියන style  එක නෙවෙයි අඩුපාඩු නම් ඇති 😥 

මන් හිතනවා මන් වැඩේ අනාගෙන නෑ කියලා. මේ පෝස්ට් එක ගැන අනිවා ඔයගේ අදහස කමෙන්ට් කරන්න ; මන් මේ වගේ ඒවා ආයි දාන්න ඕනද එපාද ? බෝරින්ද ? කියලා.

ඒ වගේම මේ තැන් ගැන ඔයාලත් ගොඩක් දේවල් දන්නවා ඇති. ඔයා දන්න ජොලිබර කරුනු කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අමතක කරන්න එපා 🤗

වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share  කරන්න......🤗

https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments

Popular posts from this blog

ෆෝටෝනය සහ පෘථිවිය

  🌍 🌞  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට  🌞 🌍 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේකේ තේරුම ? -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ෆෝටෝනයකට සූර් ‍ යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි. අද කතාව මේ හුටපටය ගැන  🤭 ❤ මම මේක full විද් ‍ යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු... 🌍  Intro °°°°°°°°°°°° අපි හැමෝම දන්නවා සූර් ‍ යා ගේ හරයේ න් ‍ යශ්ටියක් විලයන ප් ‍ රතික් ‍ රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ hydrogen න් ‍ යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න් ‍ යශ්ටියක් හදනවා. මෙතන ප් ‍ රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශ...

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...