😊😐😣😤 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.....සමහර අයට 😊😐😣😤
අද අපි කතා කරන්නෙ මදුරුවො ගැන 😣 ඇත්තටම මදුරුවො ගැනම නෙවෙයි මදුරු දශ්ඨනය ගැන.
ඔයාලා දැකලා ඇති සමහර ඩයල් කෑහනවා ඇයි යකෝ මුන් මාවම කන්නේ කියලා 😤 අන්න ඒකට හේතු හොයන්න තමා අද අපි යන්නේ 😁
ලෝකේ සෑම පුද්ගලයින් පස් දෙනෙක්ගෙන් එක් කෙනෙක්ට මේ අවුල තියනවා. මෙයාලා තනිකරම mosquito magnets 😂 ඒ කියන්නේ වෙන අයට වඩා මෙයාලා මදුරුවන් ගේ ප්‍රහාර වලට ලක් වෙනවා වැඩී. වැඩේ කියන්නේ පෝස්ට් එක ලියන මමත් මේ එක් කෙනෙක් තමා. මාවමයි මේ යක්කු කන්නෙ 😒
මෙන්න මේ සීන් එක scientist දැකලා එයාල විවිද විදිහේ පරීක්ෂණ කරලා පොඩි theories (වාද) සහ හේතු ගොඩ නැගුවා සමහර කස්ටිය මදුරු දශ්ඨනයට වැඩුපුර ලක් වෙන්නෙ ඇයි කියන එක ගැන. අපි ඒ හේතු එකින් එක සමහර ඒවගේ පරීක්ශනත් එක්කම කතා කරමු..
☣️ 1️⃣ හුස්ම ගැනීම/ කාබන්ඩයොක්සයිඩ් ☣️
මදුරුවො කාබන්ඩයොක්සයිඩ් වලට ආකර්ෂණය වෙනවා. කෙනෙක් වැඩිපුර කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස කරනව නම් අන්න එයාට මදුරු ප්‍රහාර වලට ලක්වෙන ප්‍රමානය වැඩී.
මේ කාබන්ඩයොක්සයිඩ් වලින් දේවල් දෙකක් වෙනවා.
1. මදුරුවො ක්‍රියාකාරී කිරීම.
🔶 ඒ කියන්නේ මෙයාලට කාබන්ඩයොක්සයිඩ් සන්වේදනය උන ගමන් මෙයාලා දැන ගන්නවා මට ලේ බොන්න පන තියන ඩයල් එකක් ( source එකක් ) ඉන්නවා කියලා. මෙයාලගේ පියෑබීම වේගවත් වෙනවා.
2. CO2 වෙත ආකර්ෂණය කරීම.
🔶 මේකෙදි වෙන්නෙ එයා කාබන්ඩයොක්සයිඩ් එන වාත ප්‍රවාහය අදුනාගෙන එයාගේ target එක නිවැරදිව හදුනාගෙන ඒ දෙසට ගමන් කිරිම.
➡️මේක scientist ලා 2014 දී පරීක්ෂණයක් මගින් පෙන්වා දුන්නා.
මදුරුවගේ මේ කාබන්ඩයොක්සයිඩ් හදුනා ගන්න සන්වේදන සෛල වර්ග තුනක් තියනවා Gr1 ; Gr2 ; Gr3 කියලා. Scientist ලා genetics වලින් Gr3 සෛල වැඩ නොකරන මදුරුවො හදලා එයාලට කාබන්ඩයොක්සයිඩ් දුන්නට එයාල කිසි ප්‍රතිචාරයක් දක්වලා නෑ වගේම එයාලගේ ගොදුරු හොයාගන්න තියන හැකියාව අනික් මදුරුවොන්ට වඩා 15% අඩු වෙලා තිබුනා.
මෙන්න මේ කාරනා ඔක්කොම නිසා තමා ;
🔷 ඔයාලා මහන්සි වෙලා දුවලා පැනලා වගේ ඉන්න වෙලාවක මදුරුවො වැඩිපුර කන්නෙ. මොකද ඔයාලා CO2 ගොඩක් පිට කරනවා ඒ වෙලාවට. කොටින්ම කිව්වොත් ඔයාලා හති දානවා නම් අනිවා ශොට් එක හම්බ වෙනවා.
🔷 ඒ වගේම සමහර ගැබිනි මව් වරුන් ගොඩක් මදුරු දැශ්ඨන වලට ගොදුරු වෙන්නෙ. මොකද එයාලා දෙන්නෙක් වෙනුවෙන් හුස්ම ගන්න ඕන නිසා මොකද තව පොඩි කෙනෙක් එයා එක්ක ඉන්න්වා නේ. ඒක නිසා වඩිපුර ඔක්සිජන් අරන් වැඩිපුර කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස කරන්න ඕන.🤗
☣️ 2️⃣ දහඩිය (sweat ) ☣️
දහඩිය දාන එක හැමෝටම වෙන දෙයක් නමුත් සමහර අයගේ දහඩිය එයාලට ආවේනික සුවදක් නිකුත් කරනවා. අපි නිකමට කිව්වොත් සමහර අයගේ දහඩිය ගද ගොඩක් දැනෙනවා.
අන්න එහෙම දහඩිය සුවද /ගද වැඩි අය ගොඩක් දුරට මේ මදුරු දශ්ඨනයට ලක් වෙනවා වැඩී 😣
මේකට හේතුව තමා අපේ දහඩියේ තියන කෙමිකල්ස්. ඒ තමා :
ලැක්ටික් අම්ලය ; ඇමීන ; සල්ෆයිඩ ; කාබොක්සිලික් අම්ල
මේ අතරින් ලොකුවට බලපාන්නෙ ලැක්ටික් අම්ලය. කෙනෙක්ගේ දහඩියේ ලැක්ටික් අම්ලය වැඩි නම් එයාල මදුරු ප්‍රහාර වලට ලක් වෙන වාර ගාන වැඩි.
මදුරුවො අපේ ලැක්ටික් අම්ල ප්‍රමානය බලාගන්නේ එයලගේ ඇන්ටනාවේ පොඩි sensor එකක් තියනවා ඒකට අපි කියනවා Ionotropic Receptor 8a ( Ir8a) කියලා. මේකෙන් තමා මදුරුවො ලැක්ටික් වැඩි කෙනා බලලා ශොට් එක දෙන්නෙ.
☣️ 3️⃣ මදුරුවන් ගෙන බෝවන රෝග ☣️
මේ සීන් එක පැහැදිලි කරොත්. කෙනෙක්ට මදුවෙක් දශ්ට කරලා එයාට රෝග කාරකය ඇතුල් වෙලා නම් මේ අය මදුරු දශ්ඨනයට ලක් වෙන වාර ගාන ගොඩක් වැඩි.
➡️මේක පොඩි පරීක්ෂණයක් මගින් පෙන්වා දුන්න ඒ තමා. පොඩි ලමයි ටිකකට මැලේරියාවේ සම්ප්‍රේක්ෂක අවස්තාව (transmittable stage) ඇගට ඇතුල් කරලා මෙයාලා මදුරුවොන්ට නිරාවරණය කරාම මෙයාල ලගට මදුරුවො පැමිනීම/ආකර්ෂණය ගොඩක් වැඩි උනා.
පසුව මේ ලමයිට antimalarial (මැලේරියාව නසන බෙහෙත) දුන්න ගමන් අර මදුරුවොන්ට තිබුන ආකර්ෂණය ඉක්මනට නැති වෙලා ගියා.
දැන් ඔයාලට වැඩේ මීටර් වෙන්න ඇති.
මේක scientist ලට පුදුමයක් නෙවෙයි මොකද රෝගයක් බෝ කරගන්න රෝග කාරක මගින් දාරකයාව ( මැලේරියාව නම් මිනිස්සුන් ) එක එක විදිහට වෙනස් කරනවා. මෙතනදි වෙන්නෙ අපේ ආවේනික සුවද (odor) මදුරුවො ආකර්ෂණය වෙන විදිහට අර රෝග කාරකය පොඩ්ඩක් වෙනස් කිරීම සිදු කිරීම.
☣️ 4️⃣ කලු පැහැති ඇදුම් ☣️4️
ඔව් ඔයා කලු පාට හෝ ඒ පාටට හුරු දෙයක් ඇදලා ඉන්නවා නම් මදුරුවො දශ්ඨ කරන ප්‍රමානය වැඩී.
🔶මේකට හේතුව මොකද මදුරුවො ආස සහ එයාලට හුරු පරිසරය තියෙන්නෙ අදුරු තැන් වල නිසා වීම.
ඔයාලා දනවද දන්නේ නෑ තව වර්න දෙකක්ට මේ මදුරුවො ආකර්ෂණය වෙනවා ඒ තමා රතු සහ නිල් වර්න වලට.
🔶මේකට හේතුව තමා මදුරුවො ආස ආලෝකය අඩුවෙන් පරාවර්තනය කරන පාට වලට.
අන්න ඒ නිසා තමා කලු නිල් රතු ඇන්දම මදුරුවො කන්නේ 😣
⏫මේකට පොඩි දෙයයි කරන්න ඕන ආලෝකය වැඩිපුර පරාවර්තනය කරන සුදු කහ වගේ වර්න තියන ඇදුම් අදින එක 😁
🔶 ආ.. ඒවගේම ඔයාලට දැන් තේරෙනවා ඇති මදුරුවො ආකර්ෂණය කරගන්න විදුලි දැල් සහිත පහන් වල ආලෝකය නිල් පාටට හුරු ඇයි කියලා 😉
☣️ 5️⃣ ඇල්කොහොල් පානය කිරිම ☣️
ඔව් මේක එක හේතුවක් සමහර අය බොන වෙලාවට නැත්නම් ඇල්කොහොල් පානය කරලා ඉන්න වෙලාවට මදුරුවො දශ්ඨනයට ලක්වෙනවා වැඩී ඇයි ඒ?
මේකනේ සීන් එක. කස්ටිය ඇල්කොහොල් පානය කරාම එම ඇල්කොහොල් අක්මාවෙදි පරිවෘත්තියට ලක්වෙලා විවිද කෙමිකල් නිදහස් කරනවා මේ කෙමිකල් ;
🔶 දහඩියේ සමග පිට වෙනවා
🔶 තමන්ට ආවේනික සුවද පොඩ්ඩක් වෙනස් කරනවා මදුරුවො ඇදගන්න විදිහට
අන්න ඒ නිසා තමා මදුරු දශ්ඨනයට ඇල්කොහොල් භාවිත කරාම වැඩුපුර ලක්වෙන්නෙ.
☣️ 6️⃣ රුධිර කාන්ඩය ( blood group )☣️
මේකට රුධිර කාන්ඩයත් හේතුවක් කියහන්කො 😣
මදුරුවො අපේ රුධිර කාන්ඩය බලාගන්නේ කොහොමද 😮 ?
අපි කලින් කතා කරා මතකද ලැක්ටික් අම්ලය මනින Ir8a sensor එක අන්න ඒක මගින් තමා මේකත් වෙන්නෙ. මේ ඩයල් ලැක්ටික් මනින ගමන්ම අපේ රුධිර කාන්ඩයත් අදුනගන්නවා. කෝමද ඇටය වගේ හිටියට මුන්ගෙ වැඩ 😯
රුධිර කාන්ඩ අනුව නම්......
🔶 ලෝකේ අඩුවෙන්නම මදුරු දශ්ඨනයට ලක් වෙන්නෙ B රුධිර කාන්ඩය 😁
🔶 ලෝකේ වැඩියෙන්ම මදුරුවො දශ්ඨනයට ලක් වෙන්නෙ O රුධිර කාන්ඩය 😣
🔶 මේ අතර මැදි අවස්තා වල තමා අනෙක් A සහ AB කියන කාන්ඩයන් තියෙන්නෙ.
මේකට නම් නිශ්චිත හේතුවක් නම් දැනට නෑ. Scientist ලා මේගැන පරීක්ෂණ සිදු කරනවා.
දුක කියන්නේ මාත් O positive නියමෙට මදුරුවො නම් ශොට් එක දෙනවා 😣😒
ඔන්න ඕක තමා මදුරුවො කෑමේ සීන් එක 😂🤗
මන් හිතනවා ජොලිබර කරුනු ටිකක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා අද නම්.
එහෙනම් තව මේ වගේ පෝස්ට් එකකින් හෙට සෙට් වෙමු 😁🤗
මතක ඇතුව කස්ටිය තමන්ට මදුරුවො දශ්ඨ කරන එක ගැන experiences සහ blood group එක අනිවා කමෙන්ට් කරන්න හොදේ 😁
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න.......🤗😁
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment