☢️🚬☣️🚬 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට 🚬☣️🚬☢️
අද අපි කතා කරමු පිළිකා බටය ගැන. ඔව් අපි කතා කරන්නේ දුම් පානය ගැන 🚬
මොකක්ද මේ දුම් පානයෙන් ලැබෙන මේ ආතල් එක? Nicotine ඒ මොනාද ඒ ?මොනාද මේක භාවිතය මගින් ඇතිවන දරුනු ප්‍රති විපාක ? මොනදව මේ දුම් බීම අත හැරීමෙන් වෙන වාසී ?
එන්න අපි අද කතා කරමු.
මේ දුම් පානය නැත්නම් සිගරැට් බොනවා කියන්නේ මොකක්ද? මගේ භාශාවෙන් කිව්වොත් මේක ; Nicotine වලින් සැදුම් ලත් සාමාන්‍ය තත්වයේ තියනකොට විවිද රසායනික 600 පමන තියන දැල්වීමෙන් රසායනික 7000 පමන් නිපද වෙන උග්‍ර පිළිකා කාරක 69 සහිත දුම් බටයක් උරන එක තමා smoking කියලා කියන්නේ.
දැනටම ඔයාලට මේකෙ භයානක බව වැටහිලා ඇති. මන් අද මේකේ විතර කියන්නේ මේකේ හමුවන ප්‍රදාන රසායනික ; ඒවගෙන් ඇගට වෙන වෙනස සහ ඒ වගෙන් වෙන damage එක වෙන වෙනම පැහැදිලි කිරීමෙන්.
(මේ කොටසේ විද්‍යා වචන වැඩි මන් පුලුවන් තරම් සරලව බෝරින් නොවෙන්න කියන්න බලන්නම්)
අපිට මේකේ ප්‍රදාන රසායනික වර්ග තුනක් දක්නට ලැබෙනවා
1. Nicotine
2. Carbon monoxide
3. HCN (හයිඩ්රජන් සයනයිඩ්)
☣️ Nicotine ☣️
නිකොටීන් තමා මේ සිගරැට් වල තියන ඇබ්බැහිකාරක රසායනිකය. මේකෙන් තමා අපිට අර අමුතු ජවය ආතල් එක දෙන්නෙ. ඒක වෙන්නේ අපි මේ දුම අපේ පෙනහලු වලට ඇතුල් කරගත්තාම nicotine විසරනය කියන ක්‍රියාවලිය මගින් අපේ ලේ වලට එකතු වෙලා මුලු ඇග පුරාම ගමන් කරනවා.
මේක අපේ අධිවෘක්ක ග්‍රන්ථි මත ක්‍රියා කරලා එපිනෙෆ්රින් කියන හෝමෝනය නිදහස් කරනවා. මේකෙන් වෙන්නෙ අපේ රුධිර වාහිනි සන්කූචනය වීම ( විශ්කම්භය අඩු වීම ) සිද්ද වෙලා අපේ heart beat එක තාව කාලිකව වැඩි කරන එක. ඒකෙන් අපිට ජවයක් ලබා දෙනවා.
ඒ වගේම මේක අපේ මොලය මත ක්‍රියා කරලා විශාල වශයෙන් ඩොපමින් ශ්‍රාවය කරනවා ඒකෙන් තමා අපිට සතුටක් නැත්නම් ආතල් එකක් දැනෙන්නේ.
අපි කාලයක් මේ දුම් පානය කරනකොට මේ එන නිකොටීන් ලෙවල් එකට මොලේ හැඩ ගැහෙනවා ඊට පස්සේ වෙන්නේ අපිට වැඩි වැඩියෙන් දුම් පානය කරන්න ඕන මේ සතුට ගන්න. අන්න ඒක නිසා තමා මේක අධික ඇබ්බැහිකාරකයක් වෙන්නෙ. අන්තිමට ඇබ්බැහි උන අය දවසට සිගරැට් දහය පහලොව බොනවා 😪.
☣️ Carbon monoxide ☣️
සිගරැට් දුමේ තියෙන්නේ කාබන් මොනොක්සයිඩ්. මේක සෑහෙන්න විශ වායුවක් අපේ ඇගට. මේ කාබන් මොනොක්සයිඩ් අපේ රුධිරයට ඇතුල් උනාම වෙන්නේ මේවා හිමොග්ලොබින් අනු එක්ක බැදිලා ඒවගේ ක්‍රියාවලිය permanently නවත්තන්න එක.
මේ හිමොග්ලොබින් වලින් කරන්නේ අපේ රුධිරයේ තියන ඔක්සිජන් සෛල වලට පරිවහනය කරන එක. දැන් හිමොග්ලොබින් නැති නිසා සෛල වලට ඔක්සිජන් එන ප්‍රමානය අඩු වෙන නිසා ඔන්න දැන් මේ සිගරැට් බොන එකාට පන නෑ හතිය
බර වැඩ කරන්න බෑ මොකද මේ ඔක්සිජන් හිග තාවය නිසා ඇගට පන නෑ.
☣️ HCN ☣️
ඔව් ඔයා හිතුවා හරි මේ සයනයිඩ් ම තමා 😐 මේමගින් වෙන්නේ අපේ ස්වසන මාර්ගයේ තියනවා පක්ශ්ම කියලා රෝම වැනි ව්‍යුහ ඒවා අඩ පන කරන එක (1 රූපය බලන්න)
මේ ව්‍යුහ මගින් තමා අපේ නාසයට ඇතුල් වෙන දුහුවිලි අනෙක් අන්ශු පෙනහලු වලට යන්න නොදි අල්ලගන්නේ. හරියට filter එකක් වගේ. දැන් ෆිල්ටර් එක කැඩිලා ඒක නිසා අවට තියන ඔක්කොම දේවල් අපේ ස්වසන මාර්ගෙට ඇතුල් වෙනවා.
එතකොට මේවා එක්ක fight කරන්න භක්ශක සෛල මගින් නිපදවනවා අදික ප්‍රමානයෙන් ජාරක/ ජීරක එන්සයිම මේකෙන් වෙන්නේ ඒ අන්ශු සහ අපේම ස්වසන් පද්දතියේ තියන ව්‍යුහ වන ගර්ත (2 රූපය) වලට හානි වෙන එක මේ හානිවීම permanently වෙන ඒවා ආයි නෝ repair හොදේ.
උඩ ටික කියෙව්වාට එච්චර හොදට දැනෙන්නෙ නෑ මොකද විද්‍යා වචන වැඩී නේ. දැන් අපි පටන් ගමු ලෙඩ ටික පොඩ්ඩක් සැරට.
⛔ මේ සිගරැට් දුම අපේ ස්වසන පද්දතියේ තියෙන කලස් සෛල වල ක්‍රියාවලිය වැඩි කරනවා ඒකෙන් ශ්ලේශ්මලය ගොඩක් නිපද වෙනවා. මේක සරලව කිව්වොත් අපේ ස්වසන පද්දතියේ සෛල මගින් සෙම නිපද වෙනවා විශාල වශයෙන්. (3 රූපය)
මේ සෙම අපේ ස්වසන පද්දතිය බ්ලොක් කරනවා.දැන් මේ මනුස්සයට හුස්ම ගන්න බෑ මොකද මේ ශ්ලේශ්මලය මග හිර වෙලානේ. අන්න ඕක තමා සිගරැට් බොන මුල් කාලේ කට්ටිය අමුතු විදිහට එක දිගට කහින්නේ මේ සෙම එලියට එනකන්. අපි මේ කැස්සට කියන්නේ smokers cough කියලා. ගමේ විදිහට කිව්වොත් බීඩි කැස්ස කියලා තමා කියන්නේ 😅.
ඕක ආරම්බයක් විතරයි දිගටම බාවිතය මගින් අපේ මුලු ස්වසන පද්දතයම ශ්ලේශ්මලයෙන් පිරිලා.
එතකොට වෙන්නේ අපෙ ශ්වාසනාලිලා ඔක්කොම ඉදිමිලා බ්රොන්කයිටිස් තත්වය ඇති වෙලා ස්වසන අපහසුතා ඇති වෙනවා.
⛔මන් කිව්වනේ මේක පිළිකා බටේ කියලා අපි ඇයි කියලා බලමු. මේ සිගරැට් එකක උග්‍ර පිලිකාකාරක 69 පමන තියනවා.
අපි ප්‍රධාන ටික බැලුවොත්
➡️ HCN ➡️ ෆෝමැල්ඩිහයිඩ් (ෆෝමලින්ම තමා) ➡️ බෙන්සීන්
➡️ ඇමෝනියා ➡️ විකිරණශීලි මූලද්‍රව්‍ය (uranium)
මෙමගින් අපේ ඇගේ ස්ථාන 12 ක විවිද පිලිකා 16 ඇති කරනවා.ඒකෙන් ප්‍රසිද්ධ පෙනහලු පිලිකා. පෙනහලු පිලිකා රෝගින්ගෙන් 90% ම මේ දුම් බොන ඈයෝ තමා.
⛔ආයි වෙන දෙයක් තමා හෘද රෝග ඇතිවීම. මේ නිකොටීන් නිසා අපේ රුධිර වාහිනි පොඩි විම නිසා ඒ රුධිර නාල වල මේදය තැන්පත් වෙලා මුලින්ම ඇති වෙන්නෙ;
➡️ ඇතරොක්ස්ක්ලෙරෝසියාව කියන තත්වය
➡️ මේක අපේ හෘදයේ කිරීටක ධමනියේ සිද්ද උනාම ත්රොම්බොසීය තත්වය ඇති වෙනවා.
➡️ අන්තිමට මේ ධමනියක් පුපුරා ගියොත් ආඝාතයට කියන තත්වය ඇති වෙලා මරනයට පත් වෙනවා
⛔දුම් පානය අපේ නාසයේ තියන සුවද හදුනාගන්න උදව් වෙන ස්නායු අග්‍ර අඩපන කරනවා. ඒක නිසා මේවා භාවිත කරන අයට ගද සුවද හදුනාගන්න ගොඩක් අපහසුයි.
⛔ මේ සිගරැට් වල තියනවා තාර. මේවා මුලින්ම වැඩේ දෙන්නෙ අපේ දත් ටිකට. දත් තියන නරකම විදිහට දිරනවා වගේම මුඛ පිලිකා හැදෙන එක ආයි අහන්න දෙයක් නෙවෙයි.
ඔයා දැන් හිතන්න ඔය තාර අපේ නහය ඇතුලේ පෙනහලු වල හිර උනාම වෙන හානිය කොහොමද කියලා.
⛔ මේ දුම් පානය නිසා අස්ති වල ඝනත්වය අඩු වෙනවා සරලව කිව්වොත් අස්ති දිරනවා.
⛔ මෙය අපේ ඇස් පෙනීම දුර්වල කරනවා
⛔ ගැහැනු කෙනෙක් මේවා භාවිත කරනව නම් එයාට ගර්බනී භාවයට පත් වෙන්න නොහැකි වෙනවා. තව ගර්භාෂයේ පිලිකා තත්ව ඇති වෙනවා.
⛔පිරිමි කෙනෙක් නම් නිසරු බව. ලින්ගික අප්‍රාණිකත්වය ඇති වෙනවා.
⛔ ඔබ ගර්බනී අවස්තාවේ මේ දුම් පානය කරොත් හම්බ වෙන්න ඉන්න දරුවාට විශාල දරුනු බලපෑම් වෙනවා. කොටින්ම කිව්වොත් ලමයා මිය යන්න පුලුවන්.
⛔ කිරි දෙන මවක් මේ දුම් පානය සිදු කරනවා නම් මේ කිරි එක්ක ලමයාට මේ නිකොටීන් වගේ දේවල් ශරීර ගත වෙනවා ඒකෙන් ලමයාට
➡️ වමනේ යාම ➡️ නින්ද නොයාම ➡️ stress ගතිය වැඩි වීම
➡️ diarrhea ඇති වෙන්න පුලුවන්.
( දෙයියනේ කියලා අපේ රටේ අම්මලා නම් මෙහෙම නෑ 🤗🤗🤗 )
⛔ මේ දුම් පානය නිසා ඔයාලගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අඩපන වෙනවා.. ඒ කියන්නේ පොඩි ලෙඩක් උනත් ගොඩක් සැරට දැනෙනවා.
⛔ තුවාල හොද වීම ඉතා සෙමින් සිද්ද වෙන්නෙ.
⛔ඒ වගේම ලින්ගික අවයව සම්පුර්ණයෙන්ම අප්‍රාණික වෙන්න පුලුවන්.
දැන් අපි පොඩ්ඩක් බැලුවොත් මේක තනිකරම ලෙඩ වාට්ටුවක්. මේ කස්ටිය මෙච්චර දේයක් වෙද්දි තමා 🚬 දමාගෙන උරන්නේ 😒 මිනිස්සු වෙන්න බෑ එයාලා 😒.
ඒවගේම තව දෙයක් සිගරැට් එක කටෙන් බොන කෙනා ෆිල්ටර් එකෙන් බොන්නේ. මේකට අපි කියන්නේ සක්‍රිය දුම් පානය කියලා. එහෙම බොන කෙනා ලග ඉදලා එයාගෙ ප්රාශ්වාස දුම ආශ්වාස කිරීමට කියනවා අක්‍රීය දුම් පානය කියලා.
කොහොම බිව්වත් බබා හම්බ වෙනවා හොදේ ඒක නිසා පරීස්සමට.
හොදයි කෙනෙක් දීර්ග කාලින භාවිත කරලා මේ දුම් බීම නැවැතුවොත් මොකද වෙන්නෙ 🤔?
▶️ ඔයාට මුල් දවස් දෙක ඇතුලත් ඔයාගේ අර වැඩි වෙලා තිබ්බ හෘදස්පන්දනය නෝමල් ගානට අඩු වෙනවා.
▶️දෙවෙනි දවස වෙනකොට ඔයාගේ නාසයේ අඩපන උන ස්නායු අග්‍ර නැවත වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාට ගද සුවද හොදට දැනෙනවා.
▶️ මාසයක් ඇතුලත් ඔයාගේ පෙනහලු පුලුවන් තරම් සාමාන්‍ය තත්වය ලබාගන්නවා.
▶️ පසුව මාස නවයක් ගත උනාම තමා ඔයාගේ අඩපන උන අර පක්ශ්ම නැතිනම් filter එක ක්‍රමයෙන් repair වෙලා සම්පූර්ණයෙන් හොද වෙන්නෙ.
▶️ හරියටම නවත්තලා අවුරුද්දක් වෙන කොට ඔයාට heart disease එකක් හැදෙන්න තිබ්බ අවදානම 50% පමන අඩු වෙනවා.
▶️ ඒ වගේම අවුරුදු පහක් ගත් උනාම ඔයාට නහර බ්ලොක් වීම ආඝාතය කියන තත්ව ඇති වීම 50% වගේ අඩු වෙනවා.
▶️අවුරුදු දහයක් ගත් උනාම තමා ඔයාගේ පෙනහලු පිලිකා ඇති වෙන අවදානම 50% වගේ ආසන්නව අඩු වෙන්නේ.
▶️ හරියටම අවුරුදු 15 ගියාම ඔයා නෝමල් කෙනෙක් තරමට නිරෝගී
🚬 නමුත් කලින් දුම් පානයෙන් උන permanent damage නම් repair වෙන්නේ නෑ. නමුත් ඔයා ඒ කාලෙට වඩා දැන් දෙගුනයක් නිරෝගී පුදගලයෙක්. ඒ මදැයි 🤗
දැන් ගොඩක් අයට කේස් එක තමා මේක නවත්තන්න බෑ. මොකද සික් එක . ඒකට හේතුව නිකොටීන් කියන කෙමිකල් එක.
පොඩි දෙයයි කරන්න තියෙන්නෙ කවුන්සලින් වලට යොමු වෙන්න. එයාල මුල් කාලේ සික් එක හැදෙන එකට පොඩි treatments තියනවා ඒවට කියනවා nicotine replacement therapies කියලා.මේකෙන් ඔයාට ඉතාම කෙටි කාලයක් තුලදි මේ දුම් පානයෙන් ඉවත් වෙන්න පුලුවන් කිසි ගේමක් නැතුව.🤗
මන් ඕක යාලුවෙක් විදිහට කිව්වොත්. බලහන් උබ පට්ට ලෙඩ ගොඩක් නේ බදන් ඉන්නේ ලෙඩ අමතක කරහන් උබ දවසට සිගරැට් දහයක් ගහනවා ඒ කියන්නේ එකකට 65 ගානේ 650ක් ඕක මාසෙට ගාන බැලුවොත් 19500. දැන් උබ බිව්වේ නැත්නම් බලහන් සාක්කුවට කීයක් ඉතිරි වෙනවද කියලා. ඕකෙන් අයින් වෙන එක ඇගටත් ගුනයි සාක්කුවටත් ගුනයි 🤗😏
ඔන්න ඕක තමා පිළිකා බටයේ කතාව. මේකේ ගොඩක් දේවල් ඔයාලා දන්නවා ඇති. ඒත් මන් හිතනවා පොඩි හරි අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා.
මන් හිතනවා බෝරින් උනේ නෑ කියලා 😥
අපි එහෙනම් තව පෝස්ට් එකකින් හෙට සෙට් වෙමු 😁
මතක ඇතුව ඔයාගේ සිගරැට් බොන්නේ නැති මිතුරා මෙන්ශන් කරන්න 😏😁
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න 🤗
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

.jpeg)
Comments
Post a Comment