Skip to main content

අද අපි කතා කරන්නේ ඉක්කාව (Hiccup) ගැන...

 🤭🤭🤭මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට 🤭🤭🤭

අද අපි කතා කරන්නේ ඉක්කාව (Hiccup) ගැන. ඉක්කාව නම් අපි හැමෝටම හැදිලා තියනව. ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද ඇත්තටම මේකට හේතුව?

ඇයි පොඩි බාබාලට ගොඩක් ඉක්කාව හැදෙන්නෙ?

අපි හොයලා බලමු 👇😁

මේකේ පොඩි පොඩි විද්‍යා වචන තියනවා මන් ඒවා බොහොම සරල විදිහට කියලා දෙන්නම් හැමොටම තේරෙන්න 😁 අපි කතාවට බහිමු.

අපිට ඉක්කාව හැදෙන්නෙ කොහොමද. එක එක විදි තියනවා. ඒවගෙන් ටිකක් තමා ;

🔶 වායු ගිලීම ( බැලුම් පුම්බනකොට එක පාරම වෙන්නෙ අපි අතින් )

🔶 කාබනීකෘත බීම පානය

🔶 ඉක්මනින් ආහාර ගැනීම

🔶 ඉක්මනින් බීමක් පානය කිරීම

🔶 සැර ආහාරයක් ගැනීම

🔶 වැඩි කාලයක් ආහාර නොගෙන හිද ආහාර ගැනීමේදී

🔶 සතුට දුක බය වගේ හැගීම් එක පාරම දැනුනම 

මේ වගේ දේවල් තමා.

දැන් මොකක්ද මේ ඉක්කාව කියලා වෙන්නෙ?

මෙතනදි වෙන්නෙ ස්නායු ආවේගයක් හේතුවෙන් සිද්ද වෙන අනිච්චානුග ක්‍රියාවක් ( නොසිතා කරන ) මගින් අපේ මහා ප්‍රාචීරය ක්ශනිකව සංකෝචනය වීමක් තමා වෙන්නෙ. ඒත් එක්කම අපේ සිද්ද වෙන දෙයක් තමා අපේ ස්වර තන්ත්‍ර වල විවරය ක්ශනිකව වැහෙන එක. මහා ප්‍රාචීරය සංකෝචනය මගින් ක්ශනිකව වාතය ආශ්වාස වීමක් වෙනවා නමුත් අර ස්වර තන්ත්‍ර වල විවර වැසීම නිසා ඒ වාතය ක්ශනිකව  block වෙනවා. අන්න ඒ මගින් තමා මේකට ආවේනික ශබ්දය ලැබෙන්නේ "හික්" (Hic)  කියලා 😂 ( #1 පින්තූරය හොදින් බලන්න )

දැන් හැමෝම හිතනව ඇති මේකෙන් වෙන ප්‍රයෝජනය සහ මේ ස්නායු ආවේගයට හේතුව මොකක්ද කියලා.

🤷 මේ ස්නායු ආවේගය ඇති වෙන්න හේතුව නම් තාම හොයාගෙන නෑ. නමුත් එයාලා විවිද අද්‍යනයන් කරනවා.

🤷 ඉක්කාවේ ප්‍රයෝජනයක් ඇත්තටම තාම දන්නේ නෑ. ඇත්තටම මේකේ කාර්‍ය මොකක්ද කියන එක ගැන නම් තාම අදහසක් නෑ.

මේ ඉක්කාව වගේ අපේ ඇගේ තව ගොඩක් දේවල් තියනවා තාම හදුනගත් ක්‍රියාවක් කාර්‍යක් නොමැති. ඔයාලා හැමෝම දන්න දෙයක් තමා උන්ඩුක පුච්චය ( appendix ) ඒක අපේ ගරීරයෙ තියෙනවා නමුත් කිසි කාර්‍යක් වෙන්නේ නෑ. මෙන්න මේ වගේ ඒවායෙ කාර්‍ය සොයාගෙන නැති සිද්දදීන් සහ අවයව වලට අපි කියනවා  vestiginal remnants  කියලා.

සිරාවටම මේකට කිසිම වැඩකට නැති දෙයක්ද 😐😶

Scientist ලා දැනට හේතු දෙකක් උපකල්පනය කරලා තියන්වා ;

1️⃣ මේක අපිට පරිනාමිකව ඉතිරි උන උරුමයක් 😯😶

ඔයාලා හැමෝම වගේ දන්නවා අපි පරිනාමයේ මුල් කාලේ හිටියේ ජලයේ පසුව තමා ගොඩ බිමට ආවේ (උභය ජිවීන් විදිහට). අපි ඒ කාලේ ජලයේ ඉන්නකොට අපි කරමල් (gills) භාවිත කරලා තමා ස්වසනය කරේ දැන් ගොඩ බිමට එනකොට අපිට කරමල් වෙනුවට පෙනහලු ඕන වෙනවා. 

ඔය සිද්දිය අපිට ගෙම්බාගේ ජීවන චක්‍රය බැලුවා නම් තේරෙනවා. ඉස්ගෙඩියන් ජලයේ ඉන්නවා කරමල් භාවිත කරලා ස්වසනය කරලා ඊට පස්සෙ ඉතා කෙටි කාලයකින් ගෙම්බෙක් බවට පරිවර්තනය වෙලා ගොඩ බිමෙහි පෙනහලු වලින් ජලයෙදි කරමල් වලින් ස්වසන කරනවා කිසි අවුලක් නැතුව.

මෙන්න මේ වගේ ජීවින් දිහා බැලුවම පොඩි දෙයක් බලාගන්න පුලුවන් ඉක්කාව වගේම. ඒ තමා එයාලා ගොඩබිම ඉදලා පසුව ජලයට ගිහින් එයාලා කරමල් වලින් ස්වසන කරනකොට එයාලගේ පෙනහලු වලට වතුර නොයන විදිහට ඒක බ්ලොක් කරනවා මේ ඉක්කා ගහනවා වගේම ක්‍රමයකින්.

මේක කොච්චර සමානයි ද කියනව නම් උභය ජිවීන්ගේ මේ ඉක්කා ගහනකොට වෙන ස්නායු ආවේග වල රටාව අපි ඉක්කා ගහන කොට වෙන ස්නායු ආවේග වල රටාව එක වගේමයි. මාරයි නේ 😯😶

2️⃣ මේකට මොකක් හෝ කාර්‍යක් තියනවා ඒක තාම අපි සොයන් නෑ කියන එක

මේ උපකල්පනය ඉදිරිපත් කරන විද්‍යාක්ඥයෝ කියන්නේ. ක්ශීරපායිට හැරෙන්න අනෙක් ගොඩ බිම වාසය කරන කිසිදු පෙනහලු වලින් ස්වසන කරන සතෙක්ට ඉක්කාව ඇති වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ මෙතන මොකක් හරි සැගවුන කාර්‍යක් තියනවා. ඒ නිසා තමා මේක ක්ශීරපායින් ගේ පමනක් දක්නට ලැබෙන්නේ කියන එක.

ඒ වගේම ඔයාලා දැකලා ඇති පොඩි ලමයිට ගොඩක් ඉක්කාව හැදෙනවා 👶👶

පොඩි ලමයි කියලා අදහස් කරේ කිරි බොන වයසේ අයට 🤗👶

Scientist ලා මේ පොඩි ලමයි ගේ ඉක්කාව ගැන අවදානය යොමු කරනවා මොකද ඒකෙන් මොලය සමග වෙන සම්බන්ධය හොදින් බලාගන්න පුලුවන් නිසා. අපි මේ ගැනත් කතා කරමු.

ඔයාලා හිතන් ඉන්නවා ඇත්තේ ඔයාලට ඉක්කා වැටෙන්නෙ මේ ලගදි ඉදන් කියලා. අපෝ නෑ ඔයාලා අම්මගේ බඩේ ඉන්න කාලේ ඉදන් ඉක්කා වැටෙන ගමන් තමා ඉදලා තියෙන්නෙ 😁😂

ඔව් සිරාවටම කිව්වේ. මව් කුසේදි කලලයට  මාස නවයක් වෙනකොට ඉක්කා වැටෙන්න පටන් ගන්නවා. මේ කලලය පැයට 8-12 වතාවක් පමන ඉක්කා වැටෙනවා. කලලයට සති 24ක් වෙනකන් මේ දේ වෙනවා. 

බලන් ගියාම කට්ටියම අම්මගේ බඩේ ඉද්දි හෙන busy වෙලා ඉදලා තියෙන්නෙ ඉක්කා ගගහා 😂

ඔයාලා දන්නවද අලුත ඉපදුන ලමයෙක් දවසට විනාඩි 15 ක්ම ගත කරන්නේ ඉක්කා ගහන්න තමා. 

🔶ඇත්තටම මේක වැදගත් වෙනවා මුල් කාලේ කිරි බොනකොට කිරි පෙනහලු වල වලට නොයන්න වග බලාගන්න. 

මේක දැක්ක scientist  ලා කරේ ඉක්කා ගහන පොඩි අයගේ ඒ වෙලාවෙදි මොලයේ ක්‍රියාකාරීත්වය හොයලා බලපු එක.

🔶 මේකෙන් පුදුම ප්‍රතිඵලයක් තමා ලැබුනේ. පොඩි බබාලාට ඉක්කාව හැදුනම ක්ශනිකව සිදුවන මහාප්‍රාචීරයේ සංකෝචන විශල brain waves ( ස්නායු ආවේග )

තුනක් නිර්මානය කරනවා. මේකෙන් තුන් වෙනි එක තමා වැදගත්. මේකේ විශේෂත්වය තමා අපිට මොකක් හරි ශබ්දයක් ඇහුනම ඇතිවෙන ආවේගයට සර්වසමයි මේක.

Scientist ලා හිතනවා පොඩි ලමයා මේ ඉක්කාවේ සද්දේ ඇහෙනවත් එක්කම එයා ඒ පනිවුඩය මොලය සමග සම්බන්ධ  කරලා එයාගේ මොලේ ස්නායු පරිපත (neuro circuits) ගොඩනගා ගන්නවා එයාගේ අභ්‍යන්තර අවයව වල වෙන්නේ මොනාද කියන එක ගැන.

මේකට ශෝක් වචනයක් තියනවා ඒ තමා ; interoception

මෙන්න මේ සීන් එක නිසා තමා අපිට අපි ලොකු උනාම බඩේ අමාරුවක් නම් බඩ රිදෙන එක දැනෙන්නෙ. හුස්ම ගන්න අමාරුයි නම් ඒ පපුවේ නැත්නම් පෙනහලු වල වේදනාව දැනේනෙ. 

මේක සිද්ද නොවුනනම් මල කෙලියයි එහෙනම් බඩ රිදෙනකොට ඔලුව රිදෙයි 😂

🔶 ඒ වගේම scientist ල හිතනවා/උපකල්පනය කරනවා ලමයා බඩේ ඉන්නකොට පයින් ගහන්නෙත් මේ ඉක්කාව සීන් එක නිසා කියලා. Scientist ලා  කියන විදිහට එයාලා පයින් ගහලා ඉගෙන ගන්නේ/ සන්වේදනය වෙන්නෙ එයාගේ කකුල තියෙන්නෙ මෙතන ; අත මෙතන අන්න ඒ විදිහට එයාගේ අනිච්චානුග චලනයන් මගින් මානසික සිතියමක් මොලේ හදාගන්න එක තමා කරන්නේ. මේකට කියනවා mental mapping  කියලා. ඔව් පොඩ්ඩක් ලොකු සීන් එකක් නම් තමා 👶👶

දැන් වැඩේ කියන්නේ මේ ඉක්කාව හැදුනම නවත්තන්න ගන්නේ කොහොමද කියන එක 🤔

ℹ️ හොදම දේ තමා හුස්ම හිරකරගෙන ඉන්න එක එකෙන් ඉක්මනට මේ වදෙන් නිදහස් දෙන්න පුලුවන් 

ℹ️ සීතල වතුර ටිකක් එක බොන එක

ℹ️ කෑම කන ගමන් නම් හොද බත් ගුලියක් ගිලින්න පස්සෙ හොද වතුර වීදුරුවක් බොන එක 😅

මේ ඔක්කොම කරලත් හරිගියේ නැත්නම් ඉතින් ඉක්කයි මායි ගාලු ගියා... කියන්න තමා වෙන්නේ...😅 ( ඒක කියන්න එපා හොදේ  වතුර බොන්න 🤗)

ඔන්න fun facts  ටිකක් :

▶️ සාමාන්‍යයෙන් ඇමරිකානුවෝ අවුරුදකට 4000 පමන් රෝහලට එනවාලු මේ ඉක්කාව නවත්තන්න ගන්න බැරුව.

▶️ චාල්ස් ඔස්බෝන් කියන කෙනා තමා දිගම ඉක්කාවට හිමි ලෝක වාර්තාව දරන්නේ. මෙයා 1922 පටන් ගත්ත ඉක්කාව එක දිගට අවුරුදු 68 තිබිලා තියනවා ඒ කියන්නේ 1990 පෙබරවාරි වෙනකන් 😂 මෙයාට මේ ඉක්කාව හැදිලා තියෙන්නෙ ගොවිපලේ ඉන්නකොට ඌරෙක් ඇගට වැටුනට පස්සේ 😅 මෙයාට ඉක්කා වැටුන වාර ගාන ඇහුවොත් පුදුම වෙයි. වැඩිය නෑ මිලියන 430 වතාවක් 😯

▶️ නිතර නිතර ඉක්කා වැටෙන වාර්තාව ජෙනිෆර් මී කියන තරුනිය තමා හිමිකම් කියන්නේ. එයාට විනාඩියට ඉක්කා වැටීම් 50ක් සති 5ක් පුරාවට තිබිලා තියනවා.

✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂

ඔන්න ඕක තමා ඉක්කාව ගැන කතාව. මන් හිතනවා ඔයාලා ගොඩක් ජොලිබර කරුනු ඉගෙන ගන්න ඇති කියලා අද නම් 😅🤗

එහෙනම් අපි මේ වගේ තව පෝස්ට් එකකින් හෙට සෙට් වෙමු 🤗

ඔයාලත් ඔයාගේ ඉක්කා වැටීම ගැන ජොලිබර අත්දැකීම් කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අමතක කරන්න එපා 🤗

වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share  කරන්න......🤗

https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments

Popular posts from this blog

ෆෝටෝනය සහ පෘථිවිය

  🌍 🌞  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට  🌞 🌍 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේකේ තේරුම ? -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ෆෝටෝනයකට සූර් ‍ යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි. අද කතාව මේ හුටපටය ගැන  🤭 ❤ මම මේක full විද් ‍ යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු... 🌍  Intro °°°°°°°°°°°° අපි හැමෝම දන්නවා සූර් ‍ යා ගේ හරයේ න් ‍ යශ්ටියක් විලයන ප් ‍ රතික් ‍ රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ hydrogen න් ‍ යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න් ‍ යශ්ටියක් හදනවා. මෙතන ප් ‍ රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශ...

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...