අද කතාකරමු අහස ගැන ඇයි අහස නිල් පාට? ඇයි වලාකුළු සුදු පාට? ඇයි ඉර බහින වෙලාවට අහස කහ නැත්නම් තැඹිලි පාට?
❌❌❌ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්... සමහර අයට ❌❌❌
අද කතාකරමු අහස ගැන ඇයි අහස නිල් පාට? ඇයි වලාකුළු සුදු පාට? හ්ම්....
ඇයි ඉර බහින වෙලාවට අහස කහ නැත්නම් තැඹිලි පාට?
හොදයි අද නම් පිලිතුර ටිකක් දිගයි......
අහස මේ වගේ වෙන්න හේතු දෙකයි (1) අපේ වායුගෝලය (2) ඉර එලිය
ඉර එලිය ගැන බැලුවම ඉර එලිය සුදු ආලෝකය වර්න හතක එකතුවක් ඒ එක එක වර්නයට අදාල වෙන සංඛ්‍යාතයක් සහ තරන්ග ආයාමයක් තියනවා
මේ වර්න වල තරන්ග ආයාමය කුඩාම දම් වර්නයේ ඒ වගේම විශාලම වෙන්නේ රතු
අපි මේක විශාලම තරන්ග අයාමයේ ඉදන් කුඩාම එකට පෙලගැස්සුවම එන්නේ...
රතු තැබිලි කහ කොල ඉන්ඩිගො නිල් දම් කියන පිලිවෙල
දැන් අපි වායුගෝලය බැලුවොත් ඒක හැදිලා තියෙන්නෙ වායු ; ජල වාශ්ප ; ජල බිතිති සහ විවිද දුහුවිලි අන්ශු වලින්
දැන් වැඩේට බහිමු.... ඔන්න සුදු ඉර එලිය අපේ වායු ගෝලයට ඇතුල් වෙනවා එතකොට වෙන්නේ ඒ ඉරඑලිය වායු පරමානු වලින් අවශෝෂණය වෙලා පසුව ඒවා විවිද දිශාවලට නිකුත් කරනවා මේකට කියනවා scattering කියලා ඒ කියන්නේ විසීරීමකට ලක් වෙනවා කියන එක මේකට හරිම වචනය ප්‍රකිරණය කියන එක
මේ විසිරීම/ප්‍රකිරණය ගැන පොඩි තියරියක් තියනවා.... ඒ තමා තරන්ග ආයාමය අඩු වෙන තරමට විසිරීම වැඩී එමනිසා එම වර්නය පෙනෙන ප්‍රමානය වැඩී කියන එක නැතනම් එම වර්නයේ intensity එක තීව්‍රර බව වැඩී
ඒ කියන්නේ අහස නිල් වෙන්න හේතුව නිල් සහ දම් කියන වර්නවල තරන්ග ආයාමය තමයි අඩුම වෙන්නේ එම නිසා ඒවා තමා වැඩිපුර විසිරීමට/ප්‍රකිරණයට ලක් වෙලා අපේ ඇස වෙත ලගා වෙලා අහස නිල් පාටට ලස්සනට අපිට පෙන්නන්නේ..
ඔයාලම කියන්න මොන වර්නයේද තරන්ග ආයාමය අඩුම..........?
දම් පාට හරියටම හරි 👌😁 ඇයි අහස දම් පාට උනේ නැත්තේ ඇයි නිල්ම උනේ........🤔?????
ඕකට හේතු දෙකයි
(1) අපේ ඇස් ගොඩක් සන්වේදී වෙන්නෙ නිල් කියන වර්නට දම් ඉන්ඩිගෝ වර්න වලට වඩා නිල් පාට හොදට පේනවා අපිට 😁
(2)ආලෝක කිරනයක් ගත්තාම ඒකේ දම් ඉන්ඩිගෝ වර්න වලට වඩා නිල් ආලෝකයේ තමා ඝනත්වය වැඩි නැත්නම් නිල් ආලෝකය වැඩි ඒකයි එහෙම වෙන්නේ...
දැන් වායු පරමානු විතරද අලෝකය විසිරීමට/ප්‍රකිරණයට ලක් කරන්නේ නෑ අර දුහුවිලි අන්ශු එතකොට ජල වාශ්ප ඒවාත් ආලෝකය විසිරීමට ලක් කරනවා
වැඩේ කියන්නේ මේ තරන්ග ආයාම එක්ක සසදලා බලනකොට මේ ජල අන්ශු වල ප්‍රමානය ගොඩක් විශාලයි...
තරංග ආයාමය කියන දේ නැනෝමීටර වලින් අපි බලන්නේ ඒ කියන්නේ මීටරයකින් මිලියනෙන් පන්ගුවක් ඒකත් එක්ක ජල බින්දු වක් බලනකොට ජල බින්දුව විශාල දෙයක්...
ඒක නිසා ජල බිදිති වලින් අලෝකය ප්‍රකිරණයට ලක් වෙලා ඒවා සමානව විසිරීමට ලක් වෙනවා ඒ කියන්නේ සුදු ආලෝකය පතිත වෙනවා එම ආලෝකයම ගානට එලියට දෙනවා කියන එක.... ඒක නිසා තමා වලාකුළු සුදු පාට 😁
හම්මේ ඔන්න අන්තිම ටික ඇයි ඉර බහිනකොට අහස තැඹිලි නැත්නම් කහ පාට....හ්ම්ම් 🤔🤔🤔
ඕකේ සීන් එක මේ වගේ ඉර බහිනවා කියන්නේ අපි ඉරෙන් ඈතට භ්‍රමණය වෙනවා කියන එක ඒ කියන්නේ ඉරෙන් ඈතට යනවා ඒ වගේම ඉර එලිය ටිකක් දුර මාර්ගයකින් එන්න ඕන අපේ ඇස වෙත ලගාවෙන්න නම්...
මේ දුර මාර්ගයෙ එනකොට වෙන දේ තමා අර නිල් ආලෝකය ප්‍රකිරණයට ලක් වෙලා නිල් ආලෝකය ඉවර වෙනවා නැත්නම් අපිට සන්වේදනය නොවෙන ගානට පත් වෙනවා ඒකේ තීව්‍රර බව අඩුම වෙලා යනවා....දැන් මාර සීන් එක මොනාද යකඩෝ අපිට පේන්න ඕන දැන්....😂
හරි සරලයි කලින් දේම දමා තරන්ග ආයාමය අඩු වෙන තරමට පේනවා වැඩී නිල් ආලෝකයට පස්සේ අඩුම තරන්ග ආයාමයක් තියෙන්නේ කහ ; තැබිලි කියන වර්න වලට ඒ කියන්නේ ඊලගට පේනව නම් පේන්න ඕන කහ තැඹිලි වගේ වර්න ඒක නිසා තමා අපිට ඉර බැහැලා යනකොට අහස කහ පාටට පේන්නේ...
තව අමතර දෙයක් ඉර පායනකොට අහස තැබිලි පාටයි නේද... ඉර පායනවා කියන්නේ අපි ඉර ආලෝකය වැඩි දිශාවට භ්‍රමණය වෙන එක උදේ කාලෙදි අපි ඉරෙන ටිකක් ඈත ඒක නිසා තමා උදේම ඉර පායන අහස කහ පාටට....පට්ට දවල් නිල් පාටට 😂 ආයි ඉර බහිනකොට කහ පාට වෙන්නේ.....
මන් හිතනවා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා.. මේ හෑල්ල මෙච්චර දුරට කියෙව්වාට ඉස්කෝතුයි 😁🖤
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

.jpeg)
Comments
Post a Comment