Skip to main content

අද අපි කතා කරමු කොකේන් ගැන...

 ⚕️🤯🤯⚕️ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට ⚕️🤯🤯⚕️

අද අපි කතා කරමු කොකේන් ගැන....😬 ඇයි මේවා භාවිත කරාම ආතල් එකක් එන්නෙ? ඇයි මේක ගොඩක් addictive drug එකක් වෙන්නෙ? ඇයි මේක ගොඩ කලක් යූස් කරාම ඒ ඩයල් මැන්ටල් වෙන්නේ? 


එන්න අපි මේ ගැන සරලව හැමොටම තේරෙන විදිහට කතාකරමු.

මන් පොඩි හැදින්වීමක් දෙන්නම්.

කොකේන් නැතිනම් කෝක් කියන්නේ දකුනු ඇමරිකානු කොකො ශාකයේ  කොල වලින් හදාගන්න දේකට.

කොකේන් කියන්නේ ලෝකේ දෙවෙනියට නිරතුරුවම භාවිත වන( frequently used) drug එක. ඒක සෙකන්ඩ් වෙන්නේ ඔව් අපේ cannabis/ ගන්ජා වලට තමා 🌿☘️🌿😂

මේ කොකේන් අපේ අය ඇගට ඇතුල් කරගන්න විදි කිහිපයක් තියනවා.

1.ආහාර මාර්ගය ඔස්සේ (කොකේන් කනවා 😅)

2.නාස් මාරගය් ඔස්සේ (නහයෙන් අදින සීන් එක 

3.දුම ලෙස පානය කිරීම (smoking)🚬

4.ඉන්ජෙක්ෂන් භාවිත කිරීම 💉

මන් මේ ලිස්ට් එක හැදුවේ අපේ ලේ වලට කොකේන් ඇතුල් කරගන්න පුලුවන් වේගය අඩුම මාර්ගයේ සිට වැඩිම මාර්ගය දක්වා. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එක තමා වේගවත්වම ක්‍රමය.

වැඩේ වේගවත්ව බව වැඩි වෙන තරමට ආතල් එක වැඩී වගේම පවතින කාලයත් වැඩී.

➡️කොකේන් භාවිත කරාම ඒ කෙනාට මාර relax  ගතියක් සහ පට්ට සතුටක් දැනෙනවා මොකක්ද මේකට හේතුව 🤔

කොකෙන් අපේ රුධිරයට එකතු උනාම මේක අපේ මොලේ දක්වා ගිහින් ඩොපමින් ශ්‍රාවය කිරීම වැඩි කරනවා. 

මෙතනදි ඩොපමිනි ක්‍රියාකරන්නෙ ස්නායු සම්ප්‍රේක්ෂයක් විදිහට.අපිට සතුටු දැනුනම මේ ඩොපමින් එක ස්නායුවක ඉදලා යාබද ස්නායුවට ගමන් කරලා සතුට ඇති කරලා පොඩි වෙලාවක් ඒ යාබද ස්නායුවේ රැදිලා නැවතත් කලින් ස්නායුවට ගමන් කරලා ඒ ෆීලින් එක අඩු කරනවා. මේ සම්ප්‍රේක්ෂක නැවත් ගමන් කිරීමට අපි කියනවා re-uptake  කියලා.

මේන්න මේ සීන් එකට කොකේන් සම්බන්ධ උනාම වෙන්නේ අර ඩොපමිනි වලට කලින් නියුරෝනයට ගමන් කරන්න නොදී අල්ලන් ඉන්න එක ඒක නිසා අපිට සතුට දිගින් දිගටම දැනෙනවා දිගු කාලයක්..

අන්න ඕක තමා අර අමුතු ආතල් එකට හේතුව.

➡️ඒ වගේම මේ කොකේන් අපේ ඇගේ සෙරටොනින් ප්‍රමානයත් වැඩි කරනවා. අන්න එතකොට මේවා යූස් කරපු කෙනාට මාර ජවයක් එන්නෙ. ඒක තමා කුඩු ගහපු ඈයෝ ගමකට ගහන්න වගේ ගැම්මෙන් ඉන්නෙ 😅

➡️ මේ කොකේන් මගින් කරන තව දෙයක් තමා නොඑපිනෙෆ්‍රින්  වැඩි කරන එක. ඒකෙන් වෙන්නෙ...

     🔶 ශක්තිය වැඩි කිරීම  🔶රුදිර නාලිකා සන්කුචනය (කුඩා කිරීම)

🔶 heart beat එක වැඩි කිරීම  🔶 ගරීර උශ්නත්වය වැඩි කිරීම 

       🔶 blood pressure  එක වැඩි කිරීම

මෙන්න මේ සීන් එක නිසා තමයි මේ කුඩු ගැහුවම පට්ට විදිහට දහඩිය දාන්නේ. මේක මගහරවා ගන්න කට්ටිය fan අටවන් අයිස් කකා ඉන්නෙ 🙄

මෙන්න මේ ඔක්කොම සීන් තියෙන්නෙ 5 min සිට 90 min දක්වා විතරයි. මේකේ සැර අඩු වෙලා ගියාම මේ අයට 

🔶 තරහ යෑම 🔶ව්‍යාකූල බව ( මන්ඤන් ගතිය )  🔶 අසතුටක් ඇති වීම

🔶උදාසීන බව වැනි දේවල් ඇති වෙනවා 

මෙන්න මේ අමුතු පට්ට මෙන්ටලි ඩවුන් ගතිය මගහරවා ගන්න මෙයාලා තව  කුඩු ගන්නවා එතකොට වෙන්නෙ මේක අධිමාත්‍ර තත්වයට ගමන් කරන එක නැතිනම් over dose වෙනවා.

අන්න එහෙම උනාම 

    🔶හය්පර්-තර්මියාව ( අගේ රස්නේ ඉහල යාම)  🔶seizure කියන තත්වය 

🔶 අධික ඉහල රුධිර පීඩනය ( very high blood pressure ) හැදිලා ධමනියක් පුපුරායාම මගින් අඝාතය ඇති වෙලා (stroke) මරනයට පත් වීම සීද්ද වෙනව. 

මේ ලෙඩ හැදෙන්නෙ මේක පාවිච්චි කරලා පස්සෙ දවසක නෙවෙයි එවෙලෙම තමා. Over dose නිසා මැරුන අයගේ ඕන තරම් වාර්ථා තියනවා. ඒක නිසා තමා මේක ඒ තරම් භයානක.

කොකෙන් වලට කොහොමද කට්ටිය ඇබ්බැහි වෙන්නෙ? 

මේක වෙන්නේ කොකෙන් භාවිත කරාම අපේ මොලය ඒ කොකේන් ප්‍රමානයට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහෙනවා. ඒක නිසා අනික් දවසේ ඒ කෙනාට වෙනදා ප්‍රමානයට වඩා මේවා ගන්න වෙනවා මත් වෙන්න නම්. අන්න ඒ නිසා තමා මෙයාලා දිගින් දිගටම මේ කුඩු විවිද විදිහට ගන්නේ නවතින්නේ නැතුව.මොකද මෙයාලට මේවා නොගෙන ඉන්න බෑ මාර විදිහර මානසික අසතුටක් දැනෙනවා මේක නොගැනීම මගින්. කොටින්ම කිව්වොත් පිස්සු වගේ. ඔව් ඒක තමා සික් එක කියන්නෙ.

මේ සික් ඇතිවෙන්න මෙහෙමයි.

🔷 කෙනෙක් දිනපතා නියමිත  වෙලාවකට මේක භාවිත කරනව නම් අපේ මොලේ හැඩ ගැහෙනවා මේ යකා හැමදාම මේ වෙලාවට ගහනවා මේකෙන් මට මැරෙන්න වෙන්නෙ ඒක නිසා මන් හිතලම blood pressure  එක ඩොපමින් මට්ටම අඩු කරගන්න ඕන කියලා. අන්න එහෙම වෙනකොට තමා අර ඩයල් එකට මානසික අසතුට/සික්එක වගේ එන්නේ. මේ සික් එක ගොඩක් මානසික පැත්තෙන් තමා බලපාන්නේ.

මේ මානසික අවුලට මෙ ඇති වෙන තත්වයට අපි කියනවා withdrawal symptoms කියලා.

ඒදේ මග හරවා ගන්න ඔන්න කුඩු ගහන්වා. 

පොඩි කේස් එකක් එනවා ඒ උනාට 👇

නමුත් කුඩු ගත්තාට ගොඩක් වදින්නේ නෑ මොකද මොලේ රෙඩි වෙලානේ හිටියේ. මේක මේ අයට ගානක් නෑ මොකද මේක ඒ අයට දැනෙන දෙයක් නෙවෙයි.

මේ අයට දවසේ ඒ නියමිත වෙලාවට තමා සික් එක එන්නෙ. (මොලේ මේක කරන්නේ අපේ ශරීරයේ හොදට)

මේ වගේ අයට තව පට්ට වැඩක් වෙනවා 😂 මෙයාල වෙනද නොගන්න වෙලාවක කුඩු ගත්තොත් මොලේ දන්නේ නෑනෙ මේ සීන් එකක් ඒක නිසා මොලේ ready  වෙලා නෑ.

අන්න ඒ වගේ වෙලාවක් ගත්තාම අන්න එදාට කොකේන් වදිනවා ආයි මොකුත් නෑ තනකොල ගලවන් යන්න 😅 වෙනදට වඩා දෙතුන් ගුනයක් සැරට වදිනව.

අන්න ඕක තමා අධිමාත්‍ර තත්වය දක්වා යන්නේ. අන්තිමට මරනයෙන් කෙලවර වෙන්නෙ.

ඔන්න දැන් බබා හම්බ වෙන්න යන්නේ 😪😪

දැන් අපි කතා කරමු මේක දීර්ග කාලීන භාවිතය මගින් ඇති වෙන ප්‍රති විපාක☢️☢️☢️

ශාරීරික වශයෙන්

☢️ නාසයේ සහ උගුරේ පටක permanent damage  වීම

☢️ නාස් මාර්ගය සම්පූර්ණයෙන් හානි වීම

☢️ මුඛය සහ දත් වලට හානි වීම

☢️ අක්මාවට හානි වීම

☢️ ආන්ත්‍රික ආබාධ 

☢️ වකුගඩු අකර්මණ්‍ය වීම

☢️ පෙනහලු රෝග

☢️ ස්වසන අපහසුතා

☢️ asthma

☢️ permanent barin damage

☢️ හෘද රෝග ; පපුවේ වේදනාව ; අඝාතය ( පස්සේ ඉතින් මරනය තමා)

මානසික වශයෙන්

☢️ මතකය අහිමි වීම

☢️ depression 

☢️ සිය දිවි නසාගැනිමට සිතීම (suicidal ideas)

☢️ පාකින්සන් වැනි රෝගී තත්ව

☢️ Delusiona parasitosis 

      🔷 මේකෙන් වෙන්නෙ භාවිත කරන කෙනාට තමන්ගෙ ඇගේ කෘමියො ගමන් කරනවා වගේ දැනෙන එක. ඒක නිසා මෙයාල ඇග කහනවා හූරනවා හපනවා සමහර අය අත පය තියුනු ආයුද වලින් කපා ගැනීමත් සිද්ද කරනවා 😒🙄

කෝමද ලෙඩ ටික මන් ඔය පුලුවන් තරම් කෙටියෙන් දැම්මෙ.

මේ අය මේ කොකේන් යූස් කරන තව විදි දෙකක් තියනවා ඒ තමයි

(1) කොකේන් ඇල්කොහොල් සමග යූස් කරන එක.

මේක ගොඩම් භයානකයි මොකද දෙකේම effects එකට හම්බ වෙන නිසා. කොකේන්  ඇල්කොහොල්  mix එකට  අපි කියනවා cocaethylene කියලා. 

මෙහෙම යූස් කරන්නේ එයාලට අර අමුතු රිලැක්ස් ගතිය ගොඩක් වෙලා තියාගන්න පුලුවන් නිසා.

(2) crack Cocaine 

මේකෙදි වෙන්නෙ කොකේන් සැර අඩු භශ්ම(බේකින් සෝඩා වැනි) සමග එකතු කරලා ගහන එක.මේකට මේ නම ඇවිත් තියෙන්නෙ ඒක දැල්වීමෙන් එන සද්දෙ නිසා.මේක smoke කරන එකක් මෙකෙන් අනික් ලෙඩ ටික වගේම පෙනහලු රෝග බොහොම සැරට බෝනස් එකක් විදිහට ලැබෙනවා 🙄

⚠️️⚠️️⚠️️⚠️️ මේ කොකේන් භාවිතයෙන් ඉවත් වෙන්න පුලුවන් ද ⚠️️⚠️️⚠️️⚠️

ඔව් පුලුවන් මේකට treatment  තියනවා..

එහෙම අයට බෙහෙත් විදිහට 🔶 Modafinil 🔶 Ibogaine කියන ඖෂධ ලබා දෙනවා.

මේ ඖෂධ වලට වඩා ලොකු දෙයක් වෙන්නෙ කවුන්සලින් වලින්.

🔶 පොඩි දෙයයි කරන්න තියෙන්නෙ වෛද්‍යවරයකු මුන ගැහෙන්න එතකොට ඔයා හොස්පිටල් එකෙ මනෝචිකික්සක ඒකකයට යොමු කරාලා එතන නොමිලේ කවුන්සලින් සිද්ද වෙනවා.එතන පොඩි මිතුරු හවුල් වගේ දේවල් තියනවා අනිවා ගිහින්ම බලන්න.පොඩි කාලයක් ඒදේ එක්ක යෙදුනාම ඔයාට මේකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න පුලුවන්  🤗🤗

හොදයි මෙන්න පොඩි fun facts ටිකක් 🤗

➡️ සිග්මන් ෆ්‍රොයිඩ් (සුපිරි මනෝවිද්‍යඥයෙක්) කොකේන් භාවිත කරා. මෙයා ඒ ගැන ආර්ටිකල් එක්ක පවා ලිව්වා මේකේ හොද ගැන. එයා මේක හැදින්වුවෙව් magical substance  එකක් විදිහට 😅

➡️ මුල් කාලේ කොකා කෝලා වල ප්‍රදානම අමුද්‍රව්‍යයක් තමා කොකේන්. පස්සෙ ජනතාව වලි ඇදලා 1903 දී ඒ වැඩේ නවතලා දැන් ඒ වෙනුවට සීනි දාන්වා කියලා තමා කියන්නේ... less cocaine more sugar 😅

➡️ අපේ අය ඕක ඇදලා මත් උනාට මේක ගොඩක් medicinal uses තියන දෙයක්.

(ඕනම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ )

හොදයි ඔන්න ඕක තමා කොකේන් වල විස්තරේ. මන් හිතනවා ඔයාලා අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. අද පෝස්ට් එක මන් කියවන්න ලේසි වෙන්න පොඩි කරා. 

(ඔයාලට බෝරින් හිතුන් නෑනේ. ඒක ගැන අනිවා කමෙන්ට් කරන්න අවුල් නම් සමාවෙන්න ඕන 😪) 

එහෙනම් අපි හෙට තව පෝස්ට් එකකින් සෙට් වෙමු 😎🤗

වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share  කරන්න......🤗

https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments

Popular posts from this blog

ෆෝටෝනය සහ පෘථිවිය

  🌍 🌞  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට  🌞 🌍 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේකේ තේරුම ? -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ෆෝටෝනයකට සූර් ‍ යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි. අද කතාව මේ හුටපටය ගැන  🤭 ❤ මම මේක full විද් ‍ යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු... 🌍  Intro °°°°°°°°°°°° අපි හැමෝම දන්නවා සූර් ‍ යා ගේ හරයේ න් ‍ යශ්ටියක් විලයන ප් ‍ රතික් ‍ රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ hydrogen න් ‍ යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න් ‍ යශ්ටියක් හදනවා. මෙතන ප් ‍ රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශ...

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...