🌿☘️🌿☘️ මේක අලුත් දෙයක් වෙයි...... සමහර අයට ☘️🌿☘️🌿
අද අපි කතා කරමු හැමෝම දන්න ජොයින්ට් එක ගැන... නැත්නම් හැමෝම වගේ දන්න හදේ යන්න භාවිත කරන ගන්ජා ගැන 😝☘️
මොනාද මේ ගන්ජා කියන්නේ ? ඇයි මේවා බිව්වම හදේ යන්නේ 😂? ඇයි මේ එක එක ගන්ජා වර්ග තියෙන්නේ? කොහොමද මේවා අපේ සෞඛ්‍යයට බලපාන්නේ ?
ඔයාලා ආස කරන මාතෘකාවක් නිසා මන් හිතුවා මේක ගැන පොඩ්ඩක් ලොකු විස්තරයක් ගේන්න 😁 මේකේ පොඩි විද්‍යාත්මක වචන කිහිපයක් තියනවා මන් ඒක නිසා හැමෝටම තේරෙන්න සමහර කරුනු කෙටියෙන් සරලව පැහැදිලිව කියලා දෙන්නම්...
හොදයි අපි කාරනාවට බහිමු...😁
මන් පොඩි හැදින්වීමක් දෙන්නම් ☘️
මොනාද මේ ගන්ජා කියන්නේ 🤔?
ගන්ජා කියන්නේ cannabis කියන ශාකයේ ගැහැනු කොටස වන ශාකයේ මල් වල නිපදවෙන දුම්මල ; එහි ගෙඩි සහ කොල වියලා නිපදව ගන්න drug එකකට.
ඇත්තටම අපි ගන්ජා කියන්නේ මේ cannabis කියන ශාකයේත් එක් ශාක විශේෂයකින් නිපදව ගන්න දේකට..
අපි පොදුවේ මේ ශාකය සැලකුවහොත් ගන්ජා ; මර්ජුවානා ; weed මේ ඔක්කොම එක සමානයි 😯 පුදුමයි නේ. ඔව් මේ ඔක්කොම එකයි ඒත් ශාක විශේෂයෙන් විශේෂයට තමා මේකෙන් වෙන effects වෙනස් වෙන්නේ...
( මන් ඉදිරි පැහැදිලි කිරීම් වලදි මේ ගන්ජා කියන වචනයම භාවිත කරන්නම් ඔයාලට ඒක හුරු නිසා )
දැන් අපිට මේ ගැන පොඩි idea එකක් තියනවා අපි දැන් කාරනා වලට බහිමු..
අපි දැන් ඔයාලා ගොඩකට තියන ප්‍රශ්නයට උත්තර දෙමු ඒ තමා ඇයි ගන්ජා බිවාම මේ relax 😌 ගතිය සහ ඇගට අමුතු ගැම්මක් එන සීන් එක වෙන්නෙ කියන එක??
ඔන්න උත්තරය ☘️👇
මේ ගන්ජා වල ප්‍රධාන chemicals වර්ග දෙකක් තියනවා ඒතමා THC සහ CBD අපි මේවාට cannabinoids කියලා කියනවා..
අපි ගන්ජා පානය කරාම ඒ දුම අපේ පෙනහලු වලට ගමන් කරලා අපේ පෙනහලු වලින් අපේ රුධිර දාරාවට මේ chemicals දෙක විසරනය කියන ක්‍රියාවලිය හරහා එකතු වීම සිද්ද වෙනවා.
දැන් අපි මේ chemicals වෙන වෙනම කරන දේ බලමු
THC නැත්නම් Delta - 9 - Tetrahydro Cannabinol කියන එක තමා අපි ගන්ජා භාවිත කරාම අපිට ඇති වෙන ඒ relax 😌 ගතියට ඒ සැපේ ඉන්න තත්වයට අපිව පත් කරන්නේ... කොටිම කිව්වොත් අපේ මානසික ක්‍රියාකාරීත්වයේ වෙනසට සම්පූර්ණ දායකත්වය වෙන්නේ මෙයා තමා.මේක කොහොමද සීද්ද වෙන්නෙ අපි බලමු 👇
මේ THC කියන එක අපේ canabinoid system (සින්හල තේරුම් නැත) එකට තමා ගේම දෙන්නේ... මොක්කද මේ canabinoid system එක කියන්නේ 🙄🤔?
මන් ඒක සරලව කියන්නම්.
අපේ නියුරෝන වල එක් එක් නියුරෝන අතර පනිවුඩ හුවමාරු සිද්ද වෙන්නේ ස්නායු සම්ප්‍රේක්ෂක මගින්. ඔන්න එක ස්නායුවක් අනික් ස්නායුවට මේ සම්ප්‍රේක්ෂක මගින් පනිවුඩයක් යවනවා. අන්න ඒ පනිවුඩ එම ස්නායුවට ලැබුන ගමන්ම එම ස්නායුව මගින් පොඩි අණු වගයක් නිපදවලා පනිවුඩ එවපු නියුරෝනයට කියනවා වැඩේ හරි පනිවුඩය ලැබුනා ආයි එම පනිවිඩය එවන්න ඕන නෑ කියලා.. මේ අණු ඒ නියුරෝනයට සම්බන්ධ වෙලා තමා ඒ වැඩේ වෙන්නෙ.
මේක හරියට deliver message එක වගේ. අපි යවපු මැසේජ් එක අදාල කෙනාට ලැබුනා කියලා තහවුරු කිරීමක් තමා වෙන්නේ එතකොට අපි එකම මැසේජ් එක ආයි ආයි යවන්නේ නෑනේ.
මේ deliver message එක යවන අණුවකට අපි කියනවා endocanobinoids කියලා.
මේකෙන් වෙන්නෙ ස්නායු වල පනිවුඩ හුවමාරුව එක දිගට සිද්ද වෙන්න නොදී පොඩ්ඩක් delay කරන එක.
දැන් මෙන්න මේ THC කියන එක කරන්නෙ මේ endocanobinoids සම්බන්ධ වෙන ප්‍රතිග්‍රාහක වලට බැදිලා අර delivery message එක එන එක සැලකියයුතු කාලයකට නවත්තන්න එක. මේ ප්‍රතිග්‍රාහක ගොඩක් තියෙන්නෙ මොලයේ නිසා මේකෙන් වැඩි බලපෑම එන්නේ මොලයට.
අපේ මොලේ මේ ප්‍රතිග්‍රාහක වලට THC බැදුනම වෙන්නේ dopamine කියන හොමෝනය විශාල වශයෙන් නිදහස් වෙන එක. ඒ වගේම මේ නිදහස් වීම නවත්තන්න ඕන කියන signal එක TCH මගින් වලක්වන් ඉන්නවා...
ආ..න්න ඔය සීන් එක නිසා තමා අපිට මාර හැපි එකක් එක්ක මාරම පට්ටම relax ගතියක් දැනෙන්නේ සෑහෙන වෙලාවක්..නිකන් හදේ ගියා වගේ තමා 😂
දැන් බලමු CBD (Cannabinol) ගැන.. මේක නිසා තමා අපිට දැනෙන්නේ ඇගට මාර ජවයක් ශක්තියක් නැත්නම් අමුතුම තාලේ හෙන comfortable ගතියක්.කොටින්ම කිව්වොත් මානසික නොවන ක්‍රියාවලිය ඒ කියන්නේ සියලුම ශාරීරික වෙනස්කම් වලට මේක තමා බලපාන chemical එක.
හොදයි ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා මේ ගන්ජා නැත්නම් canabinoids වලට එක් එක් පුද්ගලයා react කරන විදිහ එයාලගේ ජානමය පසුබිම ; එයාලගේ පෙර මත්ද්‍රව්‍ය භාවිත වගේ දේවල් මත වෙනස් වෙනවා අන්න ඒක නිසා තමා එක එක අය එක එක system එකට මේ ගන්ජා බිව්වම හැසිරෙන්නෙ. ඒක අපිට පෙර නිගමනයකට එන්න පුලුවන් දෙයක් නෙවෙයි.
♒දැන්මේ මත් උන ගතිය අඩු වෙන්නේ කොහොමද 🤔🙄 ? ඒක වෙන්නෙ මෙහෙමයි අර TCH අපේ ප්‍රතිග්‍රාහක වලට බැදිලා ඉන්න කොට අපේ අනික් delivery message අණු ( endocanobinoids ) ගේමක් දීලා මේවා අයින් කරලා මොලේට කියනවා දැන් dopamine එපා කියලා. ඔන්න මොලේ අපේ ආතල් එක අඩු කරනවා 😅. මේකට සැලකියයුතු වෙලාවක් ගතවෙනවා හොදේ.
♒හොදයි අපි දැන් කතා කරමු මේ සික් එක කියන්නේ මොකක්ද කියලා... මන් මේක බර වචන් නොදා සරලව කියන්නම්. අපි දින පතා දීර්ග කාලීනව මේවා භාවිත කරාම වෙන්නෙ මොලේ මේකට හැඩ ගැහෙන එක . කියන්නේ වෙනදා ගානට බිව්වට ඒ feeling එක ඒන්නේ නෑ මොලේ හැඩ ගැහිලා. ඒක නිසා වැඩිපුර බොන්න ඕන. මෙහෙම කාලයක් බොන එක ක්‍රමයෙන් වැඩි කරලා අපි ක්ශනික මේක නැවැතුවොත් වෙන්නේ මොලේ ඉල්ලනවා අර සතුට ඒ කියන්නේ dopamine ඉල්ලනවා ඒත් අපිට දෙන්න විදිහක් නෑ. අන්න එතකොට නිකන් පිස්සු වගෙ. මෙන්න මේ සීන එකට තමා සික් එක කියන්නේ. මේ canabinoids බොහොම ඇබ්බැහි කාරක ද්‍රව්‍ය ඒක නිසා ඒ අතින් නම් සැහෙන්න බයානකයි මේවා භාවිතය.
♒දැන් මේ කස්ටියම අහලා ඇති මේ ගන්ජා ගොඩක් ඖෂධීය දෙයක් කියලා. ඇත්තටම ඒක හරි. ඩොක්ටලා මේක බෙහෙතක් විදිහට use කරනවා.
(නිවැරදි මාත්‍රාවකින් දෙන එක තමා කරන්නේ නතුව ඔතලා ගහන්න දෙන්නෙ නෑ හොදේ 😂)
➡️ සමහර ලෙඩ්ඩුන්ගේ කාන්සාව සහ stress එක අඩු කරන්න. එයාලගේ focus එක වැඩි කරන්න මේක භාවිත වෙනවා ( cannabis sataiva කියන ශාක විශේෂය)
➡️ සමහර අයගේ ඇගට ශක්ති ජනකයක් සහ නින්ද නොයාමට පිලියමක් ලෙස ලෙඩාට deep relaxation එකක් දෙන්න භාවිත වෙනවා ( cannabis indica කියන විශේෂය)
මන් හිතනවා හැමෝගෙම වගේ පොදු ප්‍රශ්න වලට මන් උත්තර දෙන්න ඇති කියලා... මට හිතෙනවා කස්ටියට මේක interesting කියලා.. ඒක නිසාම මන් හිතුවා ඇයි මේ ගන්ජා වෙනස් වෙන්නේ? ඇයි මේ එක එක වර්ග තියෙන්නෙ කියලා ඔයාලට කියන්න 😁🤗
හොදයි දැනටම ඔයාලට මීටර් වෙලා ඇති මේ cannabis කියන ශාකයේ විවිද විශේෂ තියනවා කියලා... මේ විවිධ විශේෂ වලට අනුව තමා මේ ගන්ජා වර්ගය වෙනස් වෙන්නෙ...අපි බලමු මේ මොනාද කියලා..
ප්‍රධානම විශේෂ දෙකයි
1. Cannabis sataiva
2. Cannabis indica
☣️ 1. Cannabis sataiva ගැන බලමු ☣️
☘️ මේක දක්නට ලැබෙන්නේ පොඩ්ඩක් hot environment වල dry climate (වියලි දේශගුණයක්) තියන පැති වල. ඉර එලිය වැඩි කාලයක් පවතින පැතිවල.
Africa වල ; මධ්‍යම ඇමරිකාව ; ආසියාවේ බටහිර කොටසේ වගේ තමා තියෙන්නෙ.
☘️ මේක ටිකක් උස ශාකයක්. පත්‍ර හීනී නිකන් ඇගිලි වගේ. අඩි 12ක් වගේ උසට හැදෙනවා 😯 අනික් විශේෂ වලට වඩා ටික කාලයක් යනවා ගහ මෝරන්න 😁
☘️ මේ ශාකයේ TCH ප්‍රමානය ගොඩක් වැඩී ඒවගේම BCD ප්‍රමානය නම් අඩුයි සෑහෙන්න.
☘️ මේක භාවිතය මගින් හදේ යන effect එක සැරටම ලබාගන්න පුලුවන්.. ගොඩක්ම relax එකක් දැනෙන්නේ මේකෙන්.
☘️ මේක භාවිතයට සුදුසුම දහවල් කාලය තමා.
☣️ 2. Cannabis indica ගැන බලමු ☣️
☘️ මේක දක්නට ලැබෙන්නෙ පොඩ්ඩක් කටුක උනුසුම් පරිසර වල තමයි.
ඇෆ්ගනිස්තානයේ ; ඉන්දියාවේ ; පකිස්තානයේ ; තුර්කියේ දක්නට ලැබෙනවා බහුලව.
☘️ මේ ශාකය කොටයි නිකන් පදුරු ටයිප් එකේ ගහක්. කොල ලොකුයි මහතට තියනවා මොකද ඒවා කටුක උනුසුම්/ශුෂ්ක කලාපීය අනුවර්තනය නිසා 😁
මේවා sataiva වලට වඩා සෙනිකව හැදෙන ගහක්.
☘️ මේ ශාකයේ නම් TCH ගාන නම් ගොඩක් අඩුයි ඒ උනාට CDB ප්‍රමානය නම් ගොඩක් වැඩී
☘️ මේවා භාවිත කරන්නේ ගොඩක් වෙලාවට රාත්‍රි කාලයට මොකද මේකෙන් ලොකු ජවයක් සහ deep relaxation එකක් තමයි ඇති වෙන්නෙ.
▶️ දැන් ඔයාලටම දෙයක් තේරිලා ඇති ගන්ජා භාවිත කරන ගොඩක් අය හොද ගන්ජා ලෙස හදුන්වන්නේ ඔය cannabis sataiva කියන එක සහ නරක ගන්ජා නැත්නම් කේරල ගන්ජා ලෙස හදුවන්නේ cannabis indica කියන එක 😅
මේකට හේතුව තමා ගන්ජා භාවිත කරන ගොඩක් අයට ඕන හදේ ඉන්න. ඒ කියන්නේ relax feeling එකක් ගන්න මිසක් ජවයක් ගන්න නෙවෙයි.
ඒ කියන්නේ ඒ අයට ඕන වැඩිපුර TCH chemical එක තියන ගන්ජා වර්ගයක් අන්න ඒක නිසා තමා cannabis sataiva වල වැඩි TCH ප්‍රමානයක් තියන නිසා මෙයාල ඒකට හොද ගන්ජා කියන්නේ සහ cannabis indica වල අඩු TCH ප්‍රමානය නිසා ඒවට හොද නැති ඒවා කියලා කියන්නේ.ඔයාලට නමෙන් තෙරෙනව නේ indica කියන්නේ ඉන්දියාව කියන එක. ඒක තමා කේරල වෙලා මෙහෙට එන්නෙ 😅
හම්මේ ඔය ප්‍රධාන දෙක විතරයි තව විශේෂ දෙකක් තියනවා.මන් මේව ගැන කෙටියෙන් කියන්නම් හොදේ.
☣️ 3. Cannabis ruderails ☣️
☘️ මේක ඉන්දියාවේ සයිබීරියාවේ තියන කුඩා ශාකයක් මේකේ TCH CBD ප්‍රමානය ගොඩක් අඩුයි ඒක නිසා මේකේ අඩු භාවිතයක් තමා තියෙන්නේ.. සරලව කිව්වොත් මේකෙන් හදේ යන්න බෑ 😅
☣️ 4. Hybrid ☣️
☘️ හිතුවා හරි මේක sataiva සහ indica වල hybrid එකක්. මේවා හරිතාගාර වල බොහොම පරීස්සමට හදන්න දේවල්..මේකෙන් ඔයාට THC වැඩි එක ඕන නම් වැඩි ඒවා ඉල්ලගන්න පුලුවන.
CBD වැඩි ඒවා ඕන නම් ඒ විදිහට ඉල්ල ගන්න පුලුවන්.. මේක අපි විසින් හදපු විශේෂයක් ( man made ).තමන්ගේ අවශ්‍යතාවයට අනුව අපිට ඕන දේ ගන්න පුලුවන්.
මේක තමා දැන් ලෝකේ trending ගන්ජා/ weed / marijuana එක.( කලින් මන් කිව්වා මේ ඔක්කොම එක සමානයි හොදේ 😁)....හේතුව තමා අවශ්‍යතාවයට අනුව ඕනි දේ දෙන්න පුලුවන් නිසා 😏.
මේ ඔක්කොම කියලා මේදේ නොකියා කොහොමද 😏
හොදයි ඔන්න කතාවේ අන්තිම හරිය ඒ තමා මේවා භාවිතයේ විපාක ☢️☢️☢️
⛔ මේව භාවිතයේ අතුරු ප්‍රතිඵල ටික මන් කියන්නම්
☢️වියලි තොල් ☢️ වියලි ඇස් ඇති වීම ☢️ කරකැවිල්ල ☢️ නින්ද නොයාම
☢️ heart beat එක වැඩි වීම ☢️ low blood pressure
⛔ මේවා ශරීර ගත වෙන්නේ දුම එක්ක ඒක නිසා මේක පෙනහලු වලට නරක විදිහට තමයි බලපාන්නෙ...
☢️ ස්වසන අපහසුතා ඇති වීම ☢️ පෙනහලු පිලිකා ඇති වීමේ අවදානම
⛔ මෙන්න වැදගත්ම දෙය ඔබ අවුරුදු 25 ට වඩා අඩු කෙනෙක් නම් ඔයාගේ මොලේ ඊට වයසින් වැඩි අයට වඩා සෑහෙන්න cannabilistic receptors අර මන් කලින් කිව්ව delivery message එක ඇවිත් සම්බන්ද වෙන තැන් ගොඩක් වැඩී. මේවා අපේ මොලයේ ශ්වේත ද්‍රව්‍ය (white matter ) තිබෙන කොටසේ තමා ගොඩක්ම වැඩි.
මේ වගෙන් වෙන්නේ ඔයාගේ අපේ සන්නිවේදන කුසලතා ; ඉගෙනීමේ කුසලතා ; මතක තබා ගැනීම ; හැගීම් ආදිය වැඩි දියුනු කිරීම හා මනා කලමනාකරන කිරිම සිදුකරනවා
දැන් මේ ගන්ජා වගේ canabinoids භාවිත කරනකොට වෙන්නෙ මේ ක්‍රියාවලි වලට බාදා ඇවිත් පසු කාලීනව
☢️ ඉගෙනිමේ හැකියාව අඩුවීම
☢️ දෙයක් තේරුම් අරන් විසදීමේ හැකියාව අඩුවීම වගේ දේවල් සිදුවෙන්න පුලුවන් ... 😪😪
⛔ ඒ වගේම තව බයානක දෙයක් ඔයාගේ පවුල් ඉතිහාසයේ මානසික රෝග තියන අය ඉන්නවා නම් ඔයා මේ නිතර නිතර මේ ගන්ජා වගේ දේවල් භාවිතය අපේ සැගවිලා තියන ජානමය මානසික රෝග trigger කරාලා ඔයාගේ මානසික අසමතුලිතතා ඇති වෙන්න පුලුවන් 😬
මගේ උපදෙස තමා මේවගෙන් පුලුවන් තරම් ඈත් වෙන්න කියන එක.මොකද මේක කරන්නේ අපේ මොලේ මන්ඤන් කරන එක. ඒක නිසා ඕවගෙන් ඈත් වෙන්න සැපේ ඉන්න හදේ යන්න ඕන නෑ. සෞඛ්‍යය සම්පන්නව ඉන්න එක තමා හොදම සැපේ 🤗
ඔයාලා අහලා තියනව නේ කතාවක්...
" ආරෝග්‍යා පරමා ලාභා.... "
හොදයි ඔන්න ඕක තමා ජොයින්ට් එකේ කතාව 😅.
මන් හිතනවා ඔයාලා අද හෙන ජොලිබර කරුනු ටිකක් ඉගෙනගන්න ඇති කියලා.
අපි එහෙනම් තව පෝස්ට් එකකින් හෙට සෙට් වෙමු 🤗😁
මන් හිතනවා මන් ඔයාලව බෝරින් කරේ නෑ කියලා 😪....මේ මුලු පෝස්ට් එකම කියෙව්ව ඔයාට thank you වේවා 🤗 !
වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න 🤗
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment