❌❌❌ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට ❌❌❌
අද අපි කතා කරමු Golf ගැන...
ඔයාලා හැමෝම වගේ ගොල්ෆ් බෝල දැකලා ඇති ගොල්ෆ් බෝලය පොඩ්ඩක් අනික් බෝල වලට වැඩි වෙනස් මොකද ඒකේ පොඩි පොඩි වලවල් නැත්නම් අපි කියමු dimples දකින්න ලැබෙනවා. ඇයි ඒ ? ලස්සනට ද? 😁 අපෝ නෑ අද අපි මෙකට හේතුව හොයමු... 😉 උත්තරය නම් සිරාවටම දිගයි මගදි එපා වෙයිද මන්දා...(මන් මේක බර වචන වලට යන්නේ නැතුව පුලුවන් තරම් සරලව කියලා දෙන්නම්)
අපි මේක පොඩි අතීත කතාවකින් පටන් ගමු. ගොල්ෆ් ගහන අය මුල්ම කාලේ භාවිත කරේ බොහොම සුමට මතුපිටක් තියන බෝල. මේ කස්ටිය මේ සුමට බෝලෙන් සෙල්ලම් කරන්න කරන්න මේ බෝලේ යන උපරිම දුර වැඩී කියලා එයාලට පෙනුනා ඒ කියන්නේ බෝලේ මතු පිට පලුදු වෙන්න වෙන්න මේක යන දුර වැඩී ඉතින් කට්ටිය කරේ බෝලේ එක එක හැඩ කපලා සෙල්ලම් කරා.... මේ සිද්දිය තමා මේ වෙනකොට dimples දක්වා ඇවිල්ලා තියෙන්නෙ... අපි වැඩේට බහිමු..
අපි බොහොම සුමට මතුපිටක් තියන ගොල්ෆ් බෝලෙකට පහර දුන්නා කියලා හිතමු. එතකොට බෝලේ සුලන් කපාගෙන ඉදිරියට ඇදෙනවා..
දැන් බෝලේ වායු දාරාව කපාගෙන ගමන් කරනකොට බෝලේ මතුපිට පෘශ්ටය දිගේ වායු දාරාවක් ගමන් කරනවා. ඒ වගේම මේ පෘශ්ටය සුමට නිසා ඒ පෘශ්ටය දිගේ ගමන් කරන වයු දාරාව බබා වගේ අවසාන හරියෙදි බෝලෙ පෘශ්ටයෙන් ඉවත් වෙලා ඉවතට යන වේගවත් වායු දාරාව සමග බෝලෙන් ඉවතට යනව
1. රූපය හොදට බලන්න ඒක නියමෙට බලාගන්න පුලුවන්...
දැන් මේ විදිහට වායු දාරාවක් ගමන් කරන්කොට ඔයාලට පේනවා ඇති වායු කොටසක් බෝලය පිටිපස්සෙ ඉතිරි වෙලා පොඩි වායු පොකට් එකක් ඇති වෙලා තියනවා...මේ අතහැරුන වායු කොටස නිර්මානය කරනවා අඩු පීඩන කලාපයක් (1. රූපය බලන්න...)
අ..හා.. දැනටම ඔයාලට වැඩෙ මීටර් වෙලා ඇති බෝලය ඉස්සරහා පීඩනය වැඩී පිටිපස්සෙ පීඩන අඩුයි ඒක නිසා බෝලය පිටිපස්සට තල්ලු වෙනවා හරියට vacuum එකක වගේ බෝලේ පිටිපස්සට අදිනවා මෙන්න මේ දේට අපි කියන්නේ Air Drag එක කියලා... වාතයෙන් බෝලේ ගමනට ඇතිවෙන ප්‍රතිරෝදය තමා ඒ...
මේ පීඩන වෙනස නිසා බෝලෙට ගොඩක් දුර යන්න බෑ..
Dimples / වලවල් දාලා මේක අඩු කර ගත්තේ කොහොමද 🙄🤔🤔🤔🤔 ඒක වෙන්නේ මෙහෙමයි
Dimples තියන බෝලයක් වාතය කපාගෙන ඉදිරියට යනකොට කලින් වගෙම වායු දාරාව ඇවිත් බොලයේ පෘශ්ටය ඔස්සේ යනවා ඒත් කලින් වගේ බබා වගේ ලේසියට යන්න බෑ මොකද මේ බෝලේ dimples තියනවා මෙන්න මේ dimples මතුපිට යනකොට මේ වායුව කැලබීමට ලක්වෙලා කැලඹීලි සහිත වායු දාරාවක් ඇති වෙනවා ඒකට අපි කියනවා turbulent flow එකක් කියලා....😁
මෙන්න මේ කැලබීම නිසා කලින් වගේ වායු දාරාවට බෝලෙ පෘශ්ටයෙන් ඉවතට යන්න බැරි වෙනවා ඒ වෙනුවට වෙන්නේ වායු දාරාව පුලුවන් තරම් පෘශ්ට සමගම ගමන් කරන එක.... ඒකෙන් වෙන්නේ කලින් වගේ අර අතඇරුන වායු පොකට් එක්ක හැදෙන්නේ නෑ 2. පින්තූර හොදට බලන්න බෝලේ පිටුපස කලින් වගේ පොකට් එක්ක නැතිතරම්...
දැන් ඔයාලටම තේරෙනව ඇති මේ වැඩෙන් වෙන්නේ අර කලින් වගේ අඩු පිඩන කලාපයක් හැදෙන එක වලක්වන එක... අඩු පීඩන කලාපයක් නෑ කියන්නෙ බෝලේ පස්සට අදින්නේ නෑ ඒ කියන්නේ air drag එකක් නෑ බෝලෙ වේගෙන සෑහෙන්න දුර ගමන් කරනවා ශෝක් එකට කිසි අවුලක් නැතුව....
ඔන්න ඕක තමා golf බෝලේ කතාව හැබැයි එක අවුලක් තියනවා
දැන් මේක දිහා වැඩුපුර පොඩ්ඩක් හිතන කෙනෙක් බැලුවොත් පොර හිතනවා දැන් බෝලේ මේ dimples හදාලා මෙයා මේ බෝලේ පෘශ්ට වර්ගඵලය වැඩි කරානේ එතකොට surface friction/ඝර්ෂය (ඒ කියන්නේ වාතය පෘශ්ටය මත ගැටීමෙන් බෝලයේ ගමනට ඇතිවන ප්‍රතිරෝදය) වැඩි වෙලා බෝලේ නවතින්න එපැයි කියලා....
පොර හිතන දේ හරි.. ඒකත් මන් පැහැදිලි කරන්නම්කො...
මෙතන පොඩි තියරියක් තියනවා.. දැන් අපි බැලුවොත් ගොල්ෆ් බෝලේ ගමනට බාදාකරන හේතු දෙකයි
1. Surface friction (ඝර්ෂණය)
2. Air drag
තියරියේ හැටියට අපි එක් බාදකයක අගය කුඩා අගයකින් වැඩි කරාම අනික් බාදකගේ අගය විශල වශයෙන් අඩු වෙනවා....
ඒක නේද අපි කලින් කරේ අපි පෘශ්ට වර්ගඵලය පොඩ්ඩක් වැඩි කරා ඒකෙන් අපි ඝර්ෂණ පොඩ්ඩක් වැඩි කරා.... ඒකට හරියන්න අපි air drag එක සෑහෙන්න කොටින්ම පට්ටම විදිහට අඩු කරගත්තා
දැන් හරි අපේ ගොල්ෆ් බෝලේ සෑහෙන්න දුර යනවා කිසි අවුලක් නැතුව.... මේ වෙනස කොච්චරද කියනවා නම් සුමට බෝලේ යන දුර වගේ දෙගුනයක් දුර අපේ dimples තියන බෝලේ ගමන් කරනවා...
ඔන්න ඕක තමා golf බෝලේ සම්පුර්ණ කතාව සරලව 😁 short and sweet 😅
මන් හිතනවා මන් කියලා තියන ඒවා ඔයාලගේ මීටරේට වැටෙන්න ඇති ඔයාලා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා...
එහෙනම් ආයි වෙන පෝස්ට් එකකින් හම්බ වෙමු ඔක්කොම කියෙව්වාට thank you වේවා...
https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments
Post a Comment